කොළඹට ඉදිරිපත් කළ “නගරාධිපති අපේක්ෂිකාව” උඩින් පහත් වුණු කෙනෙක් නෙවෙයි – අගමැතිනි

0
17

සමස්ත කොළඹටම නගරාධිපති ලෙස වැඩ කිරීමට හැකි, ජනතාවට සංවේදී කෙනෙකුට කොළඹ පුරපති තනතුර ලැබිය යුතු බවත් මාලිමාවෙන් කොළඹට නගරාධිපති අපේක්ෂකාව ලෙස ඉදිරිපත් කර ඇත්තේ කොළඹ ගැටළු ගැන අවබෝධ කරගත් එවැනි අපේක්ෂිකාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ, මාළිගාවත්ත කොට්ඨාසයේ පැවති ජනහමුවකට එක්වෙමින් 21 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා තිබුණි.

“පාලනයේ ඉහළ සහ බිම්මට්ටමේ දේශපාලන සංස්කෘතීන් දෙකක් තියෙන්න බැහැ.

ඉහළ මට්ටම නාස්තියෙන්, දූෂණයෙන්, වංචාවෙන් තොරව වැඩ කරනවා නම් ගම්මට්ටමේත් එවැනිම පාලනයක් තිබිය යුතුයි.

ඒ සඳහා ගැලපෙන අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි.

අපි කොළඹට නගරාධිපති අපේක්ෂකාව ලෙස ඉදිරිපත් කරලා තිබෙන්නේ උඩින් පහත් වුණු කෙනෙක් නෙවෙයි, දේශපාලන පවුල් බලයෙන් ආපු කෙනෙක් නෙවෙයි, කොළඹ ඇවිදලා, කොළඹ ගැන හොඳ අවබෝධයක් තිබෙන ජනතාව ගැන, කොළඹ ගැටළු ගැන අවබෝධ කරගත් අපේක්ෂිකාවක්.

ව්‍රායි සහෝදරිය මගේ පෞද්ගලික ලේකම් ලෙස ඉන්නකොට මොන සංවේදී කාරණාවක් ඉදිරිපත් කළත් ඒ ප්‍රශ්න වලට ඉතාමත්ම නිවැරදිව ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාවක් ඇයට තිබෙන බව මම අවබෝධ කරගත්තා.

එවැනි කෙනෙකුටයි කොළඹ පුරපති තනතුර ලැබෙන්න ඕන.

එක පැලැන්තියකට, එක කොටසකට එක ප්‍රදේශයකට පමණක් සළකන කෙනෙක් කොළඹ නගරාධිපති වෙන්න බැහැ.

සමස්ත කොළඹටම නගරාධිපති ලෙස වැඩ කරන්න පුලුවන්, ජනතාවට සංවේදී කෙනෙක්.

කොළඹ පුරපති වෙන්න ඕන. ජාතික ජන බලවේගයට අවශ්‍ය ජනතාවට සේවය කරන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන්න එවැනි දේශපාලන අරමුණකින් තමයි ජාතික ජන බලවේගය අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here