Miss Charm Sri Lanka 2026 ලංකාව වෙනුවෙන් දිනාගත්ත පළවෙනි කෙනා මම

    0
    8

    කෙනෙක්ට ලෝකේ කෙහේ හිටියත් තමන්ගේ මව් රට නියෝජනය කරන්න ලැබෙන අවස්ථාව ඉතා විරලයි. ඒක ලබාගන්න එකත් ලේසි නැහැ. බියන්කා පසුගිය ජුලි මාසයේ ඒ වාසනාව ලබාගත්තා.

    මම හොඳින් ඉන්නවා. මේ දවස්වල වියට්නාමයේ තියෙන්න නියමිත Miss Charm International Competition එකට සූදානම් වෙනවා. ඒ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ.

    ලංකාවට එන්න ප්‍රධානම හේතුව වුණේ Miss Charm එකේ වැඩ කටයුතුග ලංකාව නියෝජනය කරන නිසා මට ඕන වුණා සූදානම් වෙන එකේ වැදගත් කොටසක් ලංකාවේම කරන්න. එ වගේම මගේ Project එකට සම්බන්ධ වැඩත් කර ගන්න තමයි ලංකාවට ආවේ.

    මේ Pageant එක Mister Mrs Miss Sri Lanka Europe for International . පහුගිය ජුනි මාසයේ Italyවල Verona නගරයේ තමයි පැවැත්වුණේ. මේ Pageant එකෙන් මට ලැබුණේ Miss Charm Sri Lanka 2026 එසඑකැ එක.ඒත් එක්කම Miss Photogenic mini Title එකත් මට ලැබුණා. Miss Charm Sri Lanka title එක මට ගොඩක් වැදගත් මොකද ලංකාව වෙනුවෙන් මේ ඔසඑකැ එක දිනාගත්ත පළවෙනි කෙනා මම.

    Miss Charm International Competition එක මේ අවුරුද්දේ නොවැම්බර් ඉඳන් දෙසැම්බර් වෙනකල් වියට්නාම්වල පැවැත්වෙන්නෙ. එක එක විදිහේ රටවල් ගොඩකින් කට්ටිය මේ තරඟයට සහභාගීවෙනවා. එක්ක එකම International Stage එකක ලංකාව නියෝජනය කරන්න ලැබෙන එක මට ලොකු ගෞරවයක්.

    මේ දවස්වල හැම පැත්තකින්ම ඒක අරමුණු කරගෙන තමයි සූදානම්වීම් කරන්නෙ. Catwalk Training, Fitness, Interviews, Outfits, National costume වගේ ගොඩක් දේවල් ඒ අතර තියෙනවා.

    මම ඩෙන්මාර්ක්වල තමයි ජීවත් වෙන්නේ. මම ඩෙන්මාර්ක්වල ඉපදුණත් මගේ කුඩා කාලේ වැඩි හරියක් ගෙවුණේ ලංකාවේ. මගේ පවුලෙන් මේ ගමනට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. මගේ තීරණවලට උදව් කරන එක වගේම මම කවුද කියන එක අමතක නොකර ඉන්නත් මට උදව් කරනන්නෙ මගේ පවුල.

    දැනට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි Miss Charm International තරඟයේ ලංකාව මට පුළුවන් හොඳම විදිහට ඉදිරියට ගේන එක. මගේ අනාගතය පැජන්ට්වලට විතරක් සීමා වෙන එකක් නැහැ. මගේ career එකත් build කරගෙන මට ලැබුණු platform එක meaningful දෙයක් වෙනුවෙන් use කරන්න මට ඕන.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here