ජෙනී මාක්ස් ගේ 144 වැනි මරණ අනුස්මරණය

    0
    33

    ”මරණය ගැන ජෙනි ට භයකම්පාවක් තිබුනේ නැත.යම් කිසි දිනක ස්වභාව ධර්මයෙන් විකසිත වූ තුරුල්ලට ඇය ගේ ගත සහ සිත නැවත පැමිණෙන බව ඇය දැන සිටියාය. අපි දැන් ජෙනී ගේ අවසාන නවා තැන් පොලෙ හි ඇයගේ දේහය තැන් පත් කරන්නෙමු,ඇයගේ මතකය රැකබලා ගනිමින් ඇය වගේ වීමට අපි උත්සාහ කරමු” (එංගල්ස් 1881 දෙසැම්බර් 3 දින හයිගේට් සුසාන භූමියේදී).

    මේ කෙටි සටහන ලෝකෙයේ කිසිදාක ආපසු හැරෙන්නේ නැති විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක ආරම්භය සලකුණු කල යුග නිර්මාණාත්මක මිනිසකු සහ ස්ත්‍රියක් විසින් ගොඩ නැගු දේශපාලන මෙන්ම ගැඹුරු ආදර කතාවක් ගැනයි.

    ජෙනී වොන් වෙස්ට්පාලන් -මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ සලාස්වෙඩල් හි ය

    ජෙනි මාක්ස් ඇත්තටම ප්‍රසියානු වංශකාර ප්‍රතිගාමී පවුලකින් පැමිණියද කාල්මාක්ස් සහ ඇය අතර පැවති ප්‍රේම සම්බන්ධයට මෙන්ම පසු කාලින දේශපාලන ක්‍රියාකාරිත්වයට එය බාධාවක් නොවිය. ඇයගේ වැඩි මහල් සහෝදරයා ඉතාමත්ම ප්‍රතිගාමී කාලපරිච්චේදයකදී 1850-58 ප්‍රසියානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කල බව ලෙනින් විසින් සටහන් කරනු ලැබිය.ජෙනි මාක්ස් සැමග විවාහ වුයේ 1843 දීය.

    ජෙනි සහ මාක්ස් දෙදෙනාම ළමා වියේ සිටම ඇති කර ගත් හැඳිනීම නිසා මාක්ස් සිය ආචාර්ය නිබන්ධනය අවසාන කල වහාම විවාහ දිවියට පත් විය.ඔවුන් දෙදෙනාම ඉතාමත් උන්නදු වූ ප්‍රශනය වුයේ ජනතාවගේ දුප්පත්කමය.මේ ඔවුන් දෙදෙනාගේ ජිවිත කාලය ම වැය කල බුද්ධිමය ව්‍යායාමයකින් බැඳ තැබූ ආදර සම්බන්ධයක් විය.ඇය විවාහයෙන් පසුව කාල් මාක්ස් ගේ බුද්ධිමය හවුල්කරුවා සහ ආධාර කරුවා බවට පත් වීම කාල් මාක්ස් පෞද්ගලික සහ දේශපාලන ජීවිතය මහත් සේ ආලෝකමත් කරනු ලැබිණ.මේ නිසාම ජෙනී ගැඹුරු ලෙස සමාජවාදී අදහස් වලට කැප වීමක් පෙන්නුම් කළාය.එපමනක් නොව මාක්ස් සමග මුල්‍ය සහ දේශපාලන දුෂ්කර තාවයන්ට ගොදුරු වුවාය.සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ ආරම්භකයෙකු ලෙස ඇය ඉතිරි කල උරුමය චිරස්ථායි වෙයි.

    කාල් මාක්ස් 1845 රචනා කල ‘ජර්මානු දෘෂ්ටිවාදය'( German Ideology) 1848 දී ප්‍රසිද්ධ කල අතර එය මුළුමනිම ව්‍යක්යාන කරනු ලැබුවේ ජෙනි විසිනි.එයට හේතුව මාක්ස් ගේ අත් අකුරු කියවා තේරුම් ගැනීමට හැකි වුයේ ජෙනි ට පමණි.1846 දී ජෙනී මාක්ස් සහ එංගල්ස් විසින් පිහිට වූ ‘කොමියුනිස්ට් ලීගයේ’සාමාජිකාවක් වුවාය.1848 දී ජර්මානු විප්ලවය පරාජය වීමෙන් පසුව මාක්ස් සහ ජෙනි බ්‍රසල්ස් වලටත් එතනින් ප්‍රන්ශයටත් ගියේ ප්‍රසියානු ආණ්ඩුව මාක්ස්ට විරුධව කටයුතු කල නිසා වෙනි.නමුත් ප්‍රංශ යෙන්ද ඔවුන් දෙදෙනාට එංගලන්තය බලා යාමට සිදු විය.එතැන් පටන් ඔවුන් ජිවත් වුයේ ලන්ඩන් නුවරය.ජෙනීගේ සහ කාල් මාක්ස් ගේ ජීවිතය ඉතාමත් කටුක එකක් විය.

    ජෙනී ට ළමයින් 7 කුට ලැබුන නමුත් ඔවුන්ගෙන් නොනැසී ඉතිරි වුනේ ළමයින් තිදෙනෙකු පමණි.ඔවුන් නම් වශයෙන් ජෙනී,ලෝරා සහ එලෙනාය.අනිකුත් සිව් දෙනා මරණයට පත් වුයේ අන්ත දුප්පත් කම නිසාය.ගෙදරට නිරතුරුවම නය කරුවන්,ගෙවල් හිමියන් සහ පිස්කල් මුලෑදැනියන් පැමිණීම සිදු වුයේ ඔවුන්ට තිබු මුල්‍යමය දිළිඳු කම නිසාය.නය නොගෙවීම නිසා එයට හිලව් වීමට ගෙදර පැවති අතවශ්‍ය බඩු භාණ්ඩද ඔවුන් විසින් රැගෙන ගිය බව කියවෙයි.එක අවස්ථාවක තම බිලිඳා මිය ගිය විට මිනි පෙට්ටියක් වත් ගැනීමට මුදල් නොති බු නිසා මිහිදන් නොකර එංගල්ස් මැන්චෙස්ටර් වල සිට පැමිණෙන තුරු බල සිටින්නට සිදු විය.

    ජෙනී මාක්ස් බලා පොරොත්තු වුයේ මාක්ස් පොත් ප්‍රසිද්ධ කිරීමෙන් යම්කිසි ආදායමක් ලැබුන විට නය බරින් නිදහස් විය හැකි බවයි.1852 ‘නැපෝලියන් බොනපාට් ගේ 18 වැනි බෘමරය’ කෘතියට හොඳ ඉල්ලුමක් ලැබෙතැ’යි සිතු නමුත් එය එසේ සිදු නොවිය. Das Capital ප්‍රසිද්ධ කිරීමෙන් එවැනි බලා පොරොත්තු තිබු නමුත් එයද සිදු නොවිය. ජෙනී මියයාමට දින දෙකකට කලින් යම්කිසි බලා පොරොත්තුවක් ඇයට ඇති කර ගැනීමට බාගදා හේතු වුයේ ‘ප්‍රාග්ධනය’කෘතිය පිලිබද ධනාත්මක විවේචනයක් ‘Leaders of Modern Thought ‘ සඟරාවෙ හි පල වී තිබු බැවිනි.කාල් මාක්ස් මේ ලිපිය ජෙනිට ලෙඩ ඇඳට වී කියවා ඇත.එයට දින දෙකකට පසුව ජෙනී සිය දිවි සැරිය නිම කලේ මාක්ස් සහ ඇයගේ ඉතිරිව සිටි දරු තිදෙනාද තනි කරමිනි.ඇය මරණයට පත් වුයේ පිළිකාවකින් පිඩා විඳි නිසාය.

    එයට වසර දෙකකට පසුව කාල් මාක්ස් අභාවප්‍රාප්ත විය. ජෙනීගේ භෂ්මාවශේෂ සමග පසුව මාක්ස්ගේ භස්මාවශේෂ එකට තැන් පත් කලද දෙදෙනාගේම භස්මාවශේෂ අද හයිගේට් හි පවතින නැගෙනහිර හයිගේට් වඩාත් ප්‍රකට ස්ථානයකට ගෙන විත් තැන් පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය විසින් 1956 දිය.

    හයිගේට් හි පැවති ජෙනි ගේ අවමගුල් උත්සවයට අවාසනාවට මාක්ස් අසනිපෙයෙන් සිටි නිසා සහභාගී වීමට නොහැකි විය. එදින අවමගුල් උත්සවය අමතා ජෙනී ගැන ඉමහත් සේ ගැඹුරු සහ විචක්ෂණ ගුණ කථනයක් කල එංගල්ස් මෙසේ පැවසිය.

    “එතරම්ම තියුණු වූ විමර්ශනාත්මක බුද්ධියකින් යුක්තව,එතරම්ම උපයශිලිත්වයකින් යුක්තව එතරම්ම ශක්තියකින් සහ ලලාසාවකින් යුක්තව අරගලයේ සහෝදරයින්ට දශක හතරක් තිස්සේ මේ ස්ත්‍රිය විසින් කල කැපකිරීම- ව්‍යාපාරයට කල පරිත්‍යාගය ප්‍රසිද්ධ කාරණයක් බවට පත්ව නැත.තත්කාලීන පුවත්පත් මාධ්‍ය ඉතිහාසයේ එය සටහන් කොට නැත.

    මේ යම්කිසි කෙනෙක් කෙලින්ම අත් දුටු දෙයක් විය යුතු විය.නමුත් මට එක දෙයක් ගැන සහතිකය: අප බොහෝ දෙනෙකුට මග හැරීමට අවස්ථාවක් තිබුනද,ඇයගේ නිර්භීත සහ ඥානාන්විත උපදෙස්, ව්යාජාලන්රකාරය නැති නිර්භීතකම, ඇයගේ ඥානාන්විතකම ගෞරවය ඇය කුඩා ප්‍රමාණය කින් වත් කිසිදා අවමානයට පත්කර නොගත් සැටි කොමියුනයේ සරණාගත බිරින්දන් නිතරම පාහේ මතක් කරනවා ඇත.

    ඇයගේ පෞද්ගලික ගතිගුණ මා මෙහිදී කතා කිරීමට අවශ්‍ය නැහැ, ඇයගේ මිතුරුමිතුරියන් එය හොඳින් දනී, ඔව්හු ඒවා අමතක නොකරනු ඇත.තමන්ගේ එකම ප්‍රීතිය අනෙක් අය සතුටට පත් කිරීම අරමුණු කර ගත් ස්ත්‍රියක් සිටියා නම් ඒ ස්ත්‍රිය මැය යි .

    කාල් මාක්ස්ගේ ප්‍රධාන දේශපාලන කෘතීන් කිසිවක් ජෙනී නොමැතිව කල නොහැකිව තිබුණි.ඇය සිය සැමියා ගැන විශ්වාසය තැබූ අතර නමුත් වඩා වැදගත් ලෙස ජෙනී විප්ලවීය සමාජවාදයේ අදහස් උදහස් විශ්වාශ කලා ය.ඇයගේ පරිත්‍යාගයන් අපතේ නොයනු ඇත. ලෝකය කෙරෙහි ඇයගේ බලපෑම දැක ගැනීමට ඇයට අද ජිවත් වීමට නොහැකි වුවත් සුරා කෑමෙන් තොර ලෝකයක් ගොඩ නැගීම පිණිස ජෙනී කල පරිත්‍යාගය වර්තමාන අරගලය තුල ජීවමාන වෙයි”.

    එංගල්ස් එදා සිය කතාවේදී ප්‍රකාශ කල පරිදිම ජෙනීගේ ඒ කටුක ජීවිතය තුල කල පරිත්‍යාගයන් අපතේ ගියේ නැත.

    ජෙනී ගේ මරණයෙන් අවුරුදු 144 කට පසුව අපි ඇයට සුභ ගමන් පාර්ථනය කරමු!!!

    Dayapala Thiranagama ගේ face book පිටුවෙන් උපුටා ගැනිණි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here