ස්ත්‍රියක සහ පුරුෂයකු අතර හටගන්නා ”අනියම් යැයි සම්මත” ප්‍රේමණීය බැඳීමක් ”සම්මත” හෝ ”අසම්මත” යැයි ඉරි ගසා වෙන් කළ හැකි ද…?
විවාහක පුරුෂයකු විවාහක කාන්තාවක අතර හෝ විවාහක කාන්තාවක විවාහක පුරුෂයකු අතර හටගන්නා ප්‍රේමණීය බැඳීම දෙස සමාජය හෙළන්නේ කුමනාකාරයේ බැල්මක් ද…?
එබඳු සම්බන්ධතා සදාචාර මිම්මෙන් මැනීම සාධාරණ ද…?
සෑම කායික බැඳීමක් තුළ ම අධ්‍යාත්මක බැඳීමක් පවතී ද? එමෙන් ම සෑම නීත්‍යනුකූල බිරිඳක සහ සැමියකු අතර යට සඳහන් කායික බැඳිම කෙතරම් පැවතිය ද එම දෙපළ අතර සැබෑ අධ්‍යාත්මික බැඳීමක් පවති ද…? එබඳු අධ්‍යාත්මික බැඳීමක් නොපවතින්නේ නම් එම දෙපළට තෘප්තිමත් ලිංගික සබඳතාවක් පැවැත් විය හැකි ද…?
යට සඳහන් සියලු ප්‍රශ්න සඳහා කිසිවකුට එක පැහැර ”ඔවු” හෝ ”නෑ” යන පිළිතුරු දෙකින් එකක් හෝ පැවසිය නොහැකි ය; මන්ද විවාහක කුටුම්බ දිවියක් ගත කරන බහුතරයක් අතර මෙබඳු ප්‍රශ්න පවතින බැවිනි; ඔවුන් ඒ සම්බන්ධයෙන් විවෘත අදහස් පළ නොකරන බැවිනි.
තීෂ්‍යා දුල්මිණි ලේඛිකාවගේ ”සකුරෝසියා” නමැති අභිනව ප්‍රබන්ධ කෘතියට පාදක වන්නේ ද මෙම අත්දැකීම් සහිත චරිත කිහිපයකි. එහි අන්තර්ගත කිසිදු චරිතයක් ”කළු” හෝ ”සුදු” ලෙස වර්ග කළ නොහැකි ය; ඒ සියලු චරිත ”අළු” චරිත ලෙස නම් කළ හැකි ය.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ තීෂ්‍යා දුල්මිණි ලේඛිකාව ය.
මතු පළ වන්නේ ඇය The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන – ජයසිරි අලවත්ත)