දෙමළ කාන්තාවන් වෙත ලිංගික හිංසන නොකළා යැයි ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රකාශ කළ ද, ඇතැම් හමුදා සෙබළු ඒසේ කළ බවට අවශ්‍ය තරම් සාක්ෂි පවතී.
නමුත් අපේ රටේ (විශේෂයෙන් ම සිංහල) ජනතාවගේ ඔළු තුළට බස්සවා තිබූ ජාතිවාදය නමැති නමැති යන්ත්‍රය විසින් එසේ පිළිගැනීමට පවතින ඉඩකඩ සියල්ල අවහිර කළ බව නොරහසකි.
ඒ ආකාරයට දෙමළ කාන්තාවන් වෙත ලිංගික හිංසන නොකළා යැයි පිළිගන්නා ප්‍රජාවට මතු දැක්වෙන විඩියෝවේ එන විස්තරය ඇසුවහොත් කුමක් සිතනු ඇති ද, කුමක් කරනු ඇති ද යන්න අවිනිශ්චිත ය.
ඒබැවින් වෙසෙසින් ම දෙමළ කාන්තාවන් වෙත ලිංගික හිංසන නොකළා යැයි පවසන, ඒසේ සිදු නොවුණා යැයි පිළිගන්නා ජනතාව මෙම වීඩියෝව නැරඹිය යුතු ම ය.
මතු පළ වන්නේ ‘අතීත අතුරුදන්වීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා’ හමුවේ හෙළි වූ සාක්ෂි අනුව, රජයේ හමුදා විසින් සිංහල වින්දිතයන්ට සිදුකළ ලිංගික හිංසන පිළිබඳ එම කොමිෂමේ ලේකම්වරයා වූ එම්.සී.එම්. ඉක්බාල් කළ ආවර්ජනය යි.