හෙළ නර්තන රැජිනියගේ භස්මාවශේෂ සුසානඝරය නිරාවරණය කෙරේ

0
33

හෙළ නර්තන රැජිනිය ලෙස විරුදාවලි ලත් රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන්ගේ භස්මාවශේෂ සුසානඝරය නිරාවරණය කිරීම සහ ගුණානුස්මරණ පූජෝපහාර දැක්වීම එතුමියගේ 74වන ජන්ම දිනය යෙදී තිබුණු පසුගිය අප්‍රේල් 04 වන දා බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

හෙළ නර්තන කලාව එලෙසින්ම සුපෝෂණය කරමින් සුවහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලාශූරී, විශ්ව කලා කීර්ති, කලාභූෂණ, දේශමාන්‍ය, රැජිනි සෙල්වනායගම් මැතිණිය අභාවප්‍රාප්ත වූයේ මීට වසර එකහමාරකට ඉහත දී ය.

නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති එම චාම් උත්සවය සංවිධානය කර තිබුණේ ආදි ශිෂ්‍ය එකමුතුව, චාමර කලා නිකේතනයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුසිසුවියන් සමග පවුලේ ඥාතීන් ය.

සම්මානිත චිත්‍ර ශිල්පී සුදත් අබේසේකරගේ නිර්මාණයක් වන මෙම සුසානඝරය බොරැල්ල කනත්තේ දේවිබාලිකා පාසල පසින් පිහිටා තිබේ.

ප්‍රවීණ නර්තනාචාරිනී ආචාර්ය මිරැන්ඩා හේමලතා සහ ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ යන දෙපළ ප්‍රධාන ගුණානුස්මරණ දේශනා පවත්වන ලදී. චන්දන හේරත්, නිහාල් පෙරේරා, ජගත් ගුණවර්ධන, ඕෂද කරුණරත්න, කණිෂ්කා අබේසේකර යන අය ද අදහස් දැක්වූහ.

ආගමික කටයුතු සිදුවුණේ කොලොන්නාව රජමහා විහාරයේ විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමින්න් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here