ප්‍රචණ්ඩත්වයට එරෙහිව කොළඹ නගරය තැඹිලි පැහැයෙන් හැඩවෙයි – නෙළුම් කුලුනත් ආලෝකමත් වන “Colombo Lights Orange” වැඩසටහන හෙට සිට

0
15

Women In Need (WIN) සංවිධානය, නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල සහ නෙළුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි හිංසනය නතර කිරීම වෙනුවෙන් හඬ නැගීමේ අරමුණින්, “From Silence to Justice” නමින් තවත් සුවිශේෂී සැඳෑවක් නොවැම්බර් 30 වැනිදා පස්වරු 3.00 සිට 6.00 දක්වා කොළඹ BMICH හි Kamatha Studio හිදී පැවැත්වීමට නියමිතයි. නාට්‍යමය ඉදිරිපත් කිරීම්, අර්ථවත් සංවාද වගේම සාමූහික ක්‍රියාමාර්ග රැසකින් මේ වැඩසටහන සමන්විතයි.

දැනුවත්භාවය ක්‍රියාවක් බවට පත් කරමින් මේ සමාජ වගකීමට එකතු වන ලෙස ද කාන්තාවන්ට මේ හරහා ඇරයුම් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here