දකුණු සුඩානයේ සේවය කළ කාන්තා සාමසාධක භටයින් 13 දෙනෙක් ඇතුළු 66 කට එක්සත් ජාතීන්ගේ පදක්කම්

0
25

දකුණු සුඩානයේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම (UNMISS) යටතේ සේවය කළ මෙම කාන්තා භට පිරිස සමඟින් සමස්ත ශ්‍රී ලාංකික සාමසාධක භටයින් 66 දෙනෙකු මෙලෙස පදක්කම් ලැබීමට සුදුසුකම් ලබා ඇත.

දකුණු සුඩානයේ බෝර් (Bor) ප්‍රදේශයේ පැවති විශේෂ උත්සවයකදී මෙම පදක්කම් ප්‍රදානය සිදු කෙරුණි. අතිශය දුෂ්කර පාරිසරික හා සමාජීය වටපිටාවක් තුළ සාමසාධක මෙහෙයුමේ නිරත කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් වෛද්‍ය ප්‍රතිකාර හා හදිසි ප්‍රතිචාර සේවාවන් මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම අඛණ්ඩව ඉටු කිරීමට මෙහෙයුම් කාර්ය මණ්ඩලය සූදානම්ව තැබීමට මෙම කාන්තා භටයින් ඇතුළු ශ්‍රී ලාංකික කණ්ඩායමේ කැපවීම මහත් ශක්තියක් වූ බව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් කාර්යාලය (UNMISS) පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here