‘This is my right ‘දැනුවත් කිරීමේ පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පෙරමුණ ගනියි

0
22

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් පසුගිය නොවැම්බර් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති එම සංසදයේ රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට එක් වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිතයින් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම පාගමනට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

හිංසනයට ලක්වන කාන්තාවන්ට සහාය ලබාගත හැකි ආයතන සහ සේවාවන් පිළිබඳ තොරතුරු ඇතුළත්, QR කේතයක් හරහා ප්‍රවේශ විය හැකි ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඊට අමතරව, අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීමට ද යෝජනා කෙරිණි. ළමා ආරක්ෂණය, කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට කාරක සභා නියෝජ්‍ය සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම-සභාපතිනියන් වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here