ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ අතිශය සංවේදී සිදුවීමක් ලෙස ප්‍රකට කොබෙයිගනේ රූමතියගේ ඝාතන සිදුවීම පාදක කරගනිමින්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න රචනා කළ ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය වන ‘BLOOD LACED TEARS’ කෘති ද්විත්වය එළිදැක්වීමේ අතිඋත්කර්ෂවත් උළෙල පසුගිය නොවැම්බර් 12 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ඉතා සාර්ථකව පැවැත්විණි.
මෙම ග්‍රන්ථ එළිදැක්වීම ශ්‍රී ලංකා සිනමා හා නීති ඉතිහාසයේ ප්‍රථම වතාවට වේදිකා නාට්‍යයක් ලෙස වේදිකාගත කරමින් අතිශය සෞන්දර්යාත්මක සහ නිර්මාණශීලී අයුරින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ සියුමීණී ඔපයන්ගිගේ ගායනයෙන් හැඩවුණු මෙම අපූරු වේදිකා නාට්‍ය අත්දැකීම, අපරාධයක් පිටුපස සැඟවුණු මනුෂ්‍ය ජීවිතවල කඳුළ හා වේදනාව මෙන්ම අපරාධ යුක්තියේ සහ නීතියේ භූමිකාව ප්‍රේක්ෂක හදවත් වෙත ගැඹුරින් සමීප කරවීමට සමත් විය.
මෙම උත්සවය සජීවීව නැරඹීමට නොහැකි වූ සැවොම වෙනුවෙන්, සම්පූර්ණ වැඩසටහන පහත සබැඳිය ඔස්සේ නැවත නැරඹීමේ අවස්ථාව පවතී.
සාධාරණත්වය, නීතිය සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ ගැඹුරු කියවීමකට මංපෙත් විවර කරන මෙම කෘති ද්විත්වය දැන් පහත දැක්වෙන සබැඳි හරහා පහසුවෙන් ඇනවුම් කර ලබාගත හැකියි.
‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ (සිංහල කෘතිය ඇනවුම් කිරීමට)
https://slbooks.lk/books/miscellaneous/kobei-nethaka-le-kandulak
‘BLOOD LACED TEARS’ (ඉංග්‍රීසි කෘතිය ඇනවුම් කිරීමට)
https://slbooks.lk/books/miscellaneous/blood-laced-tears







