සිනමා ලෝකය හොල්ලන නදී වාසලමුදලිආරච්චිගේ “කුවණ්ණා”

    0
    19

    ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ මතුවූ උණුසුම් වාතාවරණය මෙන්ම ආර්ථිකමය වශයෙන් තනිකමට පත්වූ මිනිස් ජීවිත දැඩි අර්බුදයකට මුහුණ දෙන අයුරු මෙම චිත්‍රපටය හරහා ඉතා සංවේදීව විවරණය කෙරේ. මීට වසර 2500කට එපිට අතීතයේ කුවණ්ණා නමැති ගැහැණිය, රැජිනක, බිරිඳක සහ මවක ලෙස උසුලාගත් බර හා වේදනාව, අද වර්තමාන සමාජයේ ජීවත් වන කාන්තාව දරා සිටින දුක්කම්කටොලු හා සමානදැයි යන්න ගැඹුරු සිනමාත්මක දෘෂ්ටියකින් මෙහිදී ප්‍රශ්න කෙරේ.

    මෙම අපූරු සිනමා නිර්මාණය සඳහා හේමසිරි ලියනගේ, අක්දෙව් ලියනගේ, මයුර කාංචන පෙරේරා, අනසූයා සුබසිංහ සහ ඩිලක්ෂන් තිර්නකර් යන දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් තම දායකත්වය ලබා දී ඇති අතර, සම්පත් සී. ගුණවර්ධන මෙහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කර ඇත.

    ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට ‘කුවණ්ණා’ සමත්ව තිබීම විශේෂත්වයකි. ඉන්දියාවේ කේරළයේ පැවැති 7 වැනි ස්වාධීන පර්යේෂණාත්මක සිනමා උළෙලේ (IEFK) ලෝක සිනමා අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස සිය ප්‍රදර්ශන වාර ඇරඹූ මෙම නිර්මාණය, ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල (DIFF 2026), නේපාල ජාත්‍යන්තර සිනමා උළෙල (NIFF 2026), නවදිල්ලි, ටොරන්ටෝ දකුණු ආසියානු සහ කල්කටා ඇතුළු විදේශීය සිනමා උළෙල 40කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් සම්මාන 16ක් දිනා ගැනීමට සමත්ව ඇත.

    මෙරට කලාපයට මෙන්ම ජාත්‍යන්තරයටද කතා මවමින් ලෝක සිනමාව තුළ ශ්‍රී ලංකා නාමය ඔසවා තැබූ මෙම සිනමා කෘතිය, 2027 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට රිද්මා සිනමා මණ්ඩලය හරහා ප්‍රේක්ෂකයන් වෙත සමීප වීමට නියමිතය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here