යෝගා සුවයෙන් රූපවාහිනී තිරයට අලුත් රිද්මයක් දුන් මල්ශ්‍රී

    0
    86

    රාත්‍රී ප්‍රවෘත්ති විකාශයක සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ තොරතුරු වේගයෙන් ගලායන නොසන්සුන් පරිසරයකි.

    එහෙත් එම රිද්මය වෙනස් කරමින්, සන්සුන් භාවය සහ ආකර්ෂණීය හඬ පාලනය පෙරදැරිව තිරයට එන යොවුන් නිවේදිකාවක කෙරෙහි මේ දිනවල සමාජ මාධ්‍ය අවධානය යොමුව තිබේ.

    ඇය, TV සුප්‍රීම් නාලිකාවෙන් ප්‍රේක්ෂකයන් හමුවන මල්ශ්‍රී අමරසිංහයි.

    TV සුප්‍රීම් නාලිකාව ඔස්සේ සතියේ සෑම දිනකම රාත්‍රී 9.00 සිට 9.10 දක්වා විකාශය වන ‘SUPREME 9 HIGH DOSE’ ප්‍රවෘත්ති විශේෂාංගය මඟින් ඇය මෙම කාර්යභාරයට දායක වෙයි.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධනගේ සංස්කරණයෙන් සහ ප්‍රකට මාධ්‍යවේදිනී පංචලි අබේසේකරගේ පුවත් ඉදිරිපත් කිරීමෙන් පෝෂණය වන මෙම වැඩසටහන ඩයලොග් TV (නාලිකා අංක 12) සහ පියෝ TV (නාලිකා අංක 122) ඔස්සේ ද විකාශය කෙරේ.

    දවසේ ප්‍රධාන පුවත් සංක්ෂිප්තව ඉදිරිපත් කරන මෙම මිනිත්තු 10 තුළ ඇගේ පෙනීසිටීම සාම්ප්‍රදායික පුවත් කියවීමෙන් ඔබ්බට ගිය නැවුම් අත්දැකීමකි.

    මල්ශ්‍රී යනු මාධ්‍යවේදිනියක් පමණක් නොව, ඉන්දියාවෙන් මැනවින් ශිල්ප හැදෑරූ වෘත්තීය යෝගා උපදේශිකාවකි.

    එක්සත් රාජධානියේ (UK-CPD, PIA) ශාරීරික යෝග්‍යතා හා පුහුණුකරණ ජාත්‍යන්තර ඩිප්ලෝමාවක් මෙන්ම ක්‍රීඩා සම්බාහනය පිළිබඳ NVQ 4 මට්ටමේ වෘත්තීය නිපුණතාව ද ඇය සතුය.

    ‘Malsri Wellness’ හරහා සමාජයේ මානසික සහ කායික සුවතාව නංවාලීමට කැපවන ඇය, යෝගා අභ්‍යාස මඟින් ආතතිය හා කාංසාව පාලනය කරගන්නා ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දෙයි.

    තීව්‍ර පීඩනයක් සහිත ප්‍රවෘත්ති කාමරයත්, ගැඹුරු නිහඬතාවක් ඉල්ලා සිටින යෝගා ශාලාවත් එකට යා කරමින් ඇය තැබූ සටහනක මෙසේ සඳහන් වේ:

    වේගය හඹායන මාධ්‍ය වෘත්තිය සහ මනස සන්සුන් කරන ආධ්‍යාත්මික ශික්ෂණය එකට සමබර කරගන්නා මල්ශ්‍රීගේ මෙම ගමන, වෘත්තීය ජීවිතය තුළ සමබරතාව සොයන තාරුණ්‍යයට ධනාත්මක ආදර්ශයකි.

    SUPREME 9 HIGH DOSE වැඩසටහන

    Malsri Wellness – නිල සුවතා උපදේශන සටහන
    උපුටාගැනීම

    Theleader.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here