“ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද කාන්තා නායකත්වය පිළිබඳ ධනාත්මක ආකල්පමය වෙනසක් ඇතිවෙමින් පවතිනවා” – නියෝජ්‍ය කාරක සභාපතිනී හේමාලි වීරසේකර කියයි

0
16

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පළ කර සිටියාය.

හැකියාවන්, දැනුම සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් හි කාන්තාවන් ලබා ඇති පූර්ණ ශක්තිමත්භාවය හේතුවෙන් ඉදිරියේදී දේශපාලනයට සහ රාජ්‍ය පරිපාලනයට සක්‍රියව දායක වීමේ යහපත් ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ඇය, තවද එම ඉලක්ක සපුරා ගැනීම සඳහා දැඩි කැපවීමක් ද අවශ්‍ය වන බව ද අවධාරණය කළා ය.

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය තේරී පත්වීම ද මෙහිදී සිදු වූ අතර, තේරී පත් වූ ශිෂ්‍ය අමාත්‍යවරියන් විසින් තමන්ගේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here