එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලෝකයේ විශිෂ්ටතම කාන්තා ගොවි නායිකාවන් 100 දෙනා අතරට මානෙල් ජයසිංහ නම්කරයි

0
29

ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගයමින්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් නම් කළ “ලොව විශිෂ්ටතම කාන්තා ගොවි නායිකාවන් 100 දෙනා ( 100 Women Heroes) අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානෙල් ජයසිංහ තේරී පත්වී තිබේ. 2026 ජාත්‍යන්තර ගොවි කතුන්ගේ වසර (International Year of the Woman Farmer 2026) නිමිත්තෙන් සංවිධානය කෙරුණු මෙම ගෝලීය ඇගයීම සඳහා රටවල් 131කින් නාමයෝජනා 609ක් ඉදිරිපත් වී තිබූ අතර, ඉන් දැඩි නිරීක්ෂණයකින් පසුව තෝරාගත් විශිෂ්ටතම 100 දෙනා අතරට ඇය ඇතුළත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ‘අරුණෝදය’ කාන්තා ගොවි සමිතියේ නායකත්වය දරමින් ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය මට්ටම ඉහළ නැංවීමටත්, තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද ප්‍රචලිත කිරීමටත් මානෙල් ජයසිංහ විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ග්‍රාමීය කාන්තාවන් සබලගන්වමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයට ඇය දැක්වූ මෙම දායකත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වීම ප්‍රශංසා කටයුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here