WhatsApp හරහා ලක්ෂ 14ක මුදලක් වංචා කළ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

0
13

වට්ස්ඇප් සමූහයක් ඔස්සේ වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසමින් රුපියල් 1,455,000ක මුදලක් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය, අදාළ තෑගි පාර්සලය එවන බවට පොරොන්දු වී වංචනික ලෙස වින්දිත පුද්ගලයා ලවා සිය පෞද්ගලික බැංකු ගිණුමට කෙළින්ම මුදල් තැන්පත් කරවාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින්, කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පසුගිය ඔක්තෝබර් 30 වනදා ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබන බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here