14 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සමුළුව (Commonwealth Women’s Affairs Ministers Meeting) 2028 වසරේ මුල් ත්‍රෛමාසිකය තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලිංගික සමානාත්මතාවය, සාධාරණත්වය සහ කාන්තා සබලගැන්වීම පිළිබඳ ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් සපයන මෙම සමුළුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පිළිගත් සිවිල් සංවිධාන නියෝජිතයන් සහ අදාළ පාර්ශ්වකාර සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගී වීමට නියමිතය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර හොඳම ක්‍රමවේද සහ අත්දැකීම් හුවමාරු කරගනිමින් සහයෝගිතාව ශක්තිමත් කරගැනීමට මෙමඟින් අවස්ථාව හිමිවේ. මෙම සමුළුවට සතුටින් සත්කාරකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකර ඇති අතර, ඊට අදාළ යෝජනාව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
සටහන| කල්පනී ෂමල්කා
මූලාශ්‍රය The morning වෙබ් පිටුව




