තක්ෂිලාවෙන් ඇමරිකාවට: විශිෂ්ට සම්මාන ද්විත්වයක් දිනූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් පියුමි

0
70

ඇමරිකානු නාවික පශ්චාත් උපාධි විද්‍යාලයෙන් 3.98 ක විශිෂ්ට GPA අගයක් ලබා ගනිමින් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පියුමි කත්‍රිආරච්චි සමත් විය.

ඇය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පිහිටි U.S. Naval Postgraduate School වෙතින් ‘ආරක්ෂක සැපයුම් දාම කළමනාකරණය’ (Defense Logistics Management) පිළිබඳ පශ්චාත් උපාධිය සමස්ත 4.0 කින් 3.98 ක වැනි අතිවිශිෂ්ට GPA අගයක් ලබාගනිමින් සම්පූර්ණ කර ඇත.

ඇයගේ දක්ෂතාව වෙනුවෙන් එහිදී සම්මාන ද්විත්වයක් හිමි විය.

  1. විශිෂ්ටතම නිබන්ධනය සඳහා වන සම්මානය (Outstanding Thesis Award).
  2. වසරකට මුළු විශ්වවිද්‍යාලයෙන්ම ජාත්‍යන්තර සිසුන් දෙදෙනෙකුට පමණක් පිරිනමන ‘Kiwanis Club of Monterey Outstanding International Student Award’ සම්මානය.

ඇය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවියකි. ඇයගේ මෙම ඇමරිකානු පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අරමුදල් සපයන ලද්දේ ඇමරිකානු රජයේ ජාත්‍යන්තර මිලිටරි අධ්‍යාපන හා පුහුණු වැඩසටහන මගිනි.

ඇයගේ පශ්චාත් උපාධිය නිල වශයෙන් පිරිනැමීම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මයර් අතින් කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානයේදී සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here