32 වැනි මිස් ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (Miss International Sri Lanka) කිරුළ හිමිකර ගැනීමට ටිෆනි විජේපාල සමත්ව තිබේ. ඒ අනුව, එළඹෙන නොවැම්බර් මාසයේ ජපානයේදී පැවැත්වෙන 64 වැනි ලෝක මිස් ඉන්ටර්නැෂනල් රූ රැජින තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් එක්වන්නේ ඇයයි.
කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවති මෙවර අවසන් මහා තරගයේදී, ප්රබල තරගකාරීත්වයක් මධ්යයේ ටිෆනි මෙම කීර්තිමත් ජාතික කිරුළ තමන් සතු කර ගත්තාය.
2025 මිස් ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා කිරුළ දැරූ ෂෙනෙලි රොමායා විසින් නව රෑ රැජිනට කිරුළ පැළඳවීම සිදුකළ අතර, එය රටේ මීළඟ නියෝජිතවරිය වෙත වගකීම් නිල වශයෙන් භාර දීම සනිටුහන් කළ සුවිශේෂී අවස්ථාවක් විය.
ජාත්යන්තර රූ රැජින වේදිකාවක් මතට පිවිසෙන්නට ටිෆනිට මෙම ජයග්රහණය හරහා හැකියාව ලැබේ. ලොව පුරා රටවල් නියෝජනය කරමින් සුරූපිනියන් රැසක් එකතු වන මිස් ඉන්ටර්නැෂනල් තරගාවලිය, අලංකාරය මෙන්ම සංස්කෘතික විවිධත්වය, අන්යෝන්ය මිත්රත්වය පෙරදැරිව පැවැත්වෙන ප්රධාන පෙළේ ගෝලීය තරගයකි.
මෙම නොවැම්බර් මාසයේ ජපානයේදී පැවැත්වෙන ලෝක මට්ටමේ මහා තරගය සඳහා මේ වන විට සූදානම් වන ටිෆනි, ශ්රී ලංකාවේ නම ජාත්යන්තරය හමුවේ ඔසවා තබමින් අපේ රටේ අනන්යතාව සහ සංස්කෘතික අභිමානය ලෝකයාට පෙන්වා දීමට සූදානමින් සිටියි.
මෙරට රූ රැජින තරගාවලි ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරන මෙම ජයග්රහණයත් සමඟ, ඇයගේ ඉදිරි ජාත්යන්තර තරග බිමේ සූදානම කෙරෙහි මේ වන විට සැමගේ දැඩි අවධානය යොමු වී තිබේ.
සටහන| කල්පනී ෂමල්කා




