ජපානයේ නගෝයා පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ක්රීඩිකා ගලීනා බස්නායක රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.
ඇය මෙම පදක්කම දිනා ගත්තේ කාන්තා මීටර 400 නිදහස් ආර (S9) පිහිනුම් ඉසව්ව නියෝජනය කරමිනි. එහිදී ඇය තරගය නිමා කිරීම සඳහා මිනිත්තු 4යි තත්පර 59යි දශම 58ක (4:59.58) දක්ෂතා කාලයක් වාර්තා කළාය.
මෙම ඉසව්වේ රන් පදක්කම චීන ක්රීඩිකාව විසින් දිනා ගන්නා ලද අතර, එහි ලෝකඩ පදක්කම හිමි වූයේ සත්කාරක ජපාන ක්රීඩිකාවටයි.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Dailynews




