ගැහැණු ළමයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

0
7

ලොව පුරා විසිරී සිටින ගැහැණු දරුවන්ගේ හඬට, ඔවුන්ගේ සිහිනවලට සහ අනාගතයට වටිනාකමක් එකතු කිරීම සඳහා වන ජාත්‍යන්තර ගැහැනු ළමයින්ගේ දිනය අද දිනට (ඔක්තෝබර් 11) යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2011 දෙසැම්බර් 19 වන දින සම්මත කරන ලද යෝජනාවකට අනුව ප්‍රකාශයට පත්කොට ඇති මෙම දිනය ලොව පුරා ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ අවදි කරන්නාවූ දිනයකි.

ගැහැනු දරුවෙකුගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ස්වාධීනත්වය උදුරා ගන්නා ප්‍රධානතම බාධකයක් වන ළමා විවාහ ලොවින් තුරන් කිරීම මෙවර ප්‍රධානතම අවධානය යොමු වී ඇත. දියණියකගේ ආරක්ෂාව සහ අධ්‍යාපනය උදෙසා කරන ආයෝජනය වනාහි, එකී දැරියගේ අනාගතය පමණක් නොව මුළු මහත් සමාජයකම ප්‍රගමනය උදෙසා කරන ලද අතිමහත් ආයෝජනයක් බව UNESCO ආයතනය සමස්ත ලෝකයටම නැවත මතක් කර දෙයි.

තවමත් ලෝකයේ විවිධ සංස්කෘතීන් හා සමාජයන් අතර ගැහැනු දරුවා මුහුණ දෙන අභියෝග රැසකි. අධ්‍යාපනයට ඇති ප්‍රවේශය අහිමි වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් සහ අසමානතාවන් ඒ අතර ප්‍රධාන වේ. කුඩා කල සිටම ඇගේ සිහින මායිම්වලට කොටු කරනු වෙනුවට, ලෝකය ජය ගන්නට අවශ්‍ය ශක්තියත්, නිදහසේ පියඹන්නට අහසත් ලබා දීම සමාජයීය වගකීමක් වන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here