තේ දළු නෙළමින් සිටි කාන්තාවකට බඹර ප්‍රහාරයක් – බරපතළ තුවාල

0
13

තේ දළු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදු වී ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් එඩිම්බරෝ වතුයායේදීය.

අදාළ කාන්තාව තේ වත්තේ වැඩ කරමින් සිටියදී, තේ පඳුරක් අසල බැඳ තිබූ බඹර කූඩුවක් ඇගේ පයට පෑගීමත් සමඟ බඹරුන් ඇවිස්සී මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here