ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීත් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

0
35

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීත් කෞර් සියලුම ක්‍රිකට් ආකෘතීන්හි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

“මම මේ කණ්ඩායම වෙනුවෙන් මට දෙන්න පුළුවන් හැම දෙයක්ම දුන්නා.”
හර්මන්ප්‍රීත් පවසයි.

නායකත්වයෙන් ඉවත් වීම සම්බන්ධව ඇය සඳහන් කර ඇත්තේ, මෙම තීරණය ගැනීම තමාට කිසිසේත්ම පහසු නොවූ බවයි.
තවදුරටත් අදහස් දක්වමින් කෞර් ප්‍රකාශ කළේ, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව සමඟින් වන ඇයගේ ගමන නායකත්වයෙන් සමුගැනීමෙන් පසු නිමා නොවන බවත්, “ක්‍රීඩාවට ඇති ආදරය වෙනුවෙන් පමණක් යළි ක්‍රීඩා කිරීමට” සූදානම් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here