බංග්ලාදේශයේ පළමු ගාරෝ ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරිය

    0
    23

    කුඩා කල පටන්ම වෛද්‍යවරියක් වීමට දැඩි ලෙස සිහින මැවූ ඇයට, වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඉන් කලකිරුණු ඇය අකමැත්තෙන් වුණත් බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාව හැදෑරීමට යොමු වූවා.

    ජෙසී මේ අභියෝගය ජය ගත්තේ අදූරදර්ශී ලෙස නොවේ, දැඩි කැපවීමකින් කටයුතු කිරීම හරහායි. වසර කිහිපයකට පසු ඇය සියල්ලන් අතරින්ම ප්‍රථමයා ලෙස උපාධිය ලබා ගත්තා. අනතුරුව චිතගොං විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙමින්, ඇය බංග්ලාදේශයේ ගාරෝ (Garo) ප්‍රජාවෙන් බිහි වූ පළමු රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරිය ලෙස ඉතිහාසගත වන්නට සමත් වුණා.
    දැන් මතුවෙන ප්‍රශ්නය තමයි කවුද මේ ගාරෝ (Garo) ජනතාව?

    බංග්ලාදේශයේ නිල සංගණන දත්තවලට (2022) අනුව ගාරෝ ජනගහනය 76,846ක් වුණත්, ස්වාධීන පර්යේෂකයන් කියන විදිහට සැබෑ ජනගහනය 120,000ත් 200,000ත් අතර වෙන්න පුළුවන්. මොවුන් වැඩියෙන්ම ජීවත් වන්නේ ඉන්දියානු සීමාවට ආසන්න බංග්ලාදේශයේ උතුරු-මැද සහ ඊසානදිග ප්‍රදේශවල (මයිමන්සිං, ටැන්ගායිල්, නෙට්‍රොකෝනා, ෂර්පූර් සහ සිලෙට් දිස්ත්‍රික්කවල) යි.

    ගාරෝ ප්‍රජාව ලෝකයේ විශේෂ වෙන්නේ ඔවුන්ගේ මාතෘ මූලික සමාජයීය ක්‍රමය නිසායි. ඒ කියන්නේ පවුලේ උරුමය සහ දේපළ හිමිකම අම්මාගෙන් බාලම දියණියට තමයි පරම්පරාවෙන් පරම්පරාවට අයිති වෙන්නේ. ඉතින් ජෙසී කියන්නෙත් මෙන්න මේ සුවිශේෂී ජනකොට්ඨාසයට අයත් කාන්තාවක්.

    වර්තමානයේ භාෂා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ජෙසී, භාෂාව, සංස්කෘතිය සහ අනන්‍යතාව පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කිරීමේ අරමුණින් ඉදිරියට යමින් සිටිනවා. බාධක හමුවේ පසුබට නොවී උත්සාහය අත් නොහැර හිටියොත් ඕනෑම අඳුරු කුණාටුවක් තරණය කොට ජයග්‍රහණයකින් අවසන් කළ හැකි බවට ජෙසී ඩේසි මාරක් කියන්නේ හොඳම සජීවී උදාහරණයක්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here