රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා වැඩි වී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ(05) පැවති වැඩසටහනකට එක් වෙමිනි.
කොළඹ කොටස් වෙළඳපොළට වසර 40 ක් සපිරීම, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ ස්ටොක් මාකට් ගේම් වැඩසටහන දියත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
40 වන සංවත්සර සමරු කවරය සහ මුද්දරය එළිදැක්වීම ද මෙහි දි සිදු වුණේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක රජීව් බණ්ඩාරනායක, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
උපුටාගැනීම
SirasaNews.lk




