2027 සිට 6 ශ්‍රේණියට ‘ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව’ නමින් නව විෂයක් – අගමැතිනිය

0
7

අධ්‍යාපන ක්‍රමයේ සංශෝධන යටතේ 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා “ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව” නමින් නව විෂයක් හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළ අතර, එහි පළමු අදියර ලෙස 2027 දී සියලු පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට මෙම විෂය ඉගෙනුමට අවස්ථාව ලැබෙන බව ඇය සඳහන් කළාය.

මෙමඟින් දරුවන්ට කුඩා අවධියේ සිටම තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගැනීමට, ඉතිරි කිරීමට, ආයෝජන අවදානම් තේරුම් ගැනීමට සහ වංචාකාරී මූල්‍ය ජාවාරම්වලට අසු නොවී සිටීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදීම අපේක්ෂා කෙරේ.

එමෙන්ම, සාම්ප්‍රදායික ඉතුරුම්වලින් ඔබ්බට ගොස් ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සඳහා ‘Stock Market Game’ සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් ද දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

මූල්‍ය දැනුම ලබාදීමේදී සදාචාරාත්මක හා ආචාරධර්මීය වටිනාකම්වලට මුල්තැන් දිය යුතු බව අවධාරණය කළ අගමැතිවරිය, අවස්ථා එනකම් බලා නොසිට නව අවස්ථා නිර්මාණය කරගන්නා ලෙස දරුවන්ට පණිවිඩයක් ලබා දුන්නාය.

විශේෂයෙන් අනාගත ව්‍යවසායකත්ව ලෝකය තුළ කාන්තාවන්ට පවතින මූල්‍ය දැනුමේ අවශ්‍යතාවය පිරවීම මෙමගින් පූරණය වීමක් සහ මෙය අනාගත ව්‍යවසායක ව්‍යවසායිකාවන් වෙත කෙරෙන ආයෝජනයක් ලෙසින් ද වැදගත් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here