ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු තරග සංචාරයක් සඳහා අද (28) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. මෙහිදී වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පාකිස්ථානය සහ බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් සමඟ තුන්කොන් 20 -20 තරගාවලියකට එක්වීමට නියමිතයි. චමුදි ප්‍රබෝධාගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තරගාවලියේ දී පාකිස්තානය සහ බංග්ලාදේශය සමඟ තරග 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් මස 3 වනදා පාකිස්තානය සමඟ පැවැත්වේ. අවසන් මහා තරගය ඔක්තෝබර් මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ චමුදි ප්‍රබෝධා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම හැමපැත්තෙන්ම සමබර කණ්ඩායමක් බවත්, කණ්ඩායමක් ලෙස හැකි උපරිමය කිරීමට බලාපොරොත්තු වන පවත් පවසා සිටියාය.
සටහන
කල්පනී ෂමල්කා




