ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අමරණීය නාමයක් වන, ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ විසින් 2002 වසරේදී ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්ව නියෝජනය කරමින් තත්පර 11.15ක කාලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ තරග වාර්තාව ඊයේ (25) දින නිල වශයෙන් බිඳ වැටී තිබේ.
චීනයේ පැවති මෙම තරගාවලියේ මීටර 100 කාන්තා අවසන් තරගය නියෝජනය කළ චීන ක්‍රීඩිකා චෙන් යුජී (Chen Yujie) විසින් තත්පර 11.06ක දස්කම් දක්වමින් මෙම නව වාර්තාවට හිමිකම් කීවාය. ඇය එහිදී රන් පදක්කම දිනා ගැනීමටද සමත් වූවාය.




