ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක

0
8

එක්දින තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (25) නිවේදනය කළේය.

2025-2029 ICC කාන්තා ශූරතාවලියට සමගාමීව මෙය පැවැත්වෙන අතර, දෙරට අතර සියලුම තරග දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RDICS) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම දෙසැම්බර් 10 වැනිදා දිවයිනට පැමිණෙන අතර, දෙරට අතර පළමු එක්දින තරගය දෙසැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම දෙවන එක්දින තරගය දෙසැම්බර් 18 සහ අවසන් එක්දින තරගය දෙසැම්බර් 20 පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උපුටාගැනීම
Adaderana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here