චීනයේ විවාහ අර්බුදය

    0
    7

    මෑත කාලීනව චීනය බරපතල ජනගහන අර්බුදයකට මුහුණ දී සිටී. රට තුළ වයස්ගත ජනගහන ප්‍රතිශතය වේගයෙන් ඉහළ යද්දී, ඊට සමාන්තරව උපත් අනුපාතය සහ විවාහ ලියාපදිංචි කිරීම් වාර්තාගත ලෙස පහත වැටී තිබේ.

    මෙම තත්ත්වය රටේ අනාගත ආර්ථිකයට සහ ශ්‍රම බලකායට එල්ල කර ඇති බලපෑම සුළුපටු නැත.

    මේ නිසා, තරුණ තරුණියන් ඉක්මනින් විවාහ වීමට සහ පවුල් සංස්කෘතියක් තුළට පිවිසීමට දිරිගැන්වීම සඳහා චීන බලධාරීන් විවිධ උපායමාර්ග අත්හදා බලමින් සිටී.

    තරුණ පරම්පරාව සාම්ප්‍රදායික විවාහ ක්‍රම වලින් දුරස් වෙමින් සිටින පසුබිමක, පුරාණ කාලයේ පැවති මංගල යෝජනා ක්‍රම සහ සම්ප්‍රදායන් නවීන ලෝකයට ගැළපෙන පරිදි අලුත් ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර ඇත.

    තේමා උද්‍යානවල මංගල වෙළඳපළවල්

    වර්තමානයේ චීනයේ ඇතැම් තේමා උද්‍යාන තුළ විශේෂ මංගල සැකසුම් සහ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙහිදී මංගල යෝජනා ගෙන එන සහ ඒවා ගළපන ප්‍රසිද්ධ පුද්ගලයෝ (Matchmakers) විශාල ජනකායක් ආකර්ෂණය කරගනිමින් මෙම කටයුතුවල නිරත වෙති.

    නවීන ඩේටින් ආයතන

    තනිකඩ තරුණ තරුණියන්ට එකිනෙකා මුණගැසීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ ගැළපෙන සහකරුවන් සොයා ගැනීමට උපකාර වන නවීන ආයතන සහ සමාජ ජාල වේදිකා මේ වන විට බිහි වී තිබේ.

    අද වන විට චීන තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ වෘත්තීය ජීවිතයේ කාර්යබහුලත්වය සහ පවුල් ජීවිතය අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමයි.

    බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික පවුල් ක්‍රමයේ පීඩනයෙන් මිදීමට උත්සාහ කළද, තනිකම මඟහරවා ගැනීමට සහ ස්ථාවර අනාගතයක් සඳහා සහකරුවෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබේ.

    මේ නිසා, ඔවුහු සම්ප්‍රදායික ක්‍රමවල හොඳ පැතිකඩත්, නවීන තාක්ෂණය හා නිදහස් අදහස්වල හොඳ පැතිකඩත් එකිනෙකා සමඟ මුසු කරමින් අපූරු මාවත් අත්හදා බලති.

    ‘101 East’ වැඩසටහන හරහා ඉදිරිපත් වන මෙම වාර්තාමය වැඩසටහන මඟින් මනා ලෙස පැහැදිලි වන්නේ, වෙනස්වන සමාජයක සංකීර්ණතා මැද චීන තරුණ තරුණියන් සැබෑ ආදරය සහ සතුට සෙවීම සඳහා දරන නොනවතින උත්සාහයයි.

    උපුටාගැනීම

    Aljazeera 101 East

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here