දශක ගණානාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීන ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව යි වාර්තා වන්නේ.
ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැයක ඇතුළු ගීත ගණනාවක් සංගීත ලෝකයට දායාද කර ඇත.
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.




