ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී ප්‍රකාශ කළාය.
ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජය අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව මෙය සංවිධාන කෙරිණි.
කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට “Clean Sri Lanka” ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව උදා විය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු” විෂන් ” සඟරාවෙහි සමරු කලාපය පාර්ලිමේන්තු කටයුතු සහ විධායකගේ කාර්යභාර සම්බන්ධ සහකාර අධ්‍යක්ෂක නදීක දංගොල්ල විසින් අග්‍රාමාත්‍යවරියට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණ.
විශාඛා විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට විශේෂ සමරු තිලිණයක්ද පිළිගැන්වූවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට නායකත්වය දෙන ආර්ථිකයට දායක විය හැකි කුසලතා පිරි යෞවනයක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
| අංජුල මහික වීරරත්න – ලංකාදීප