ශ්‍රී ලංකා නෙට්බෝල් පි‍ලේ මුලදි ගැම්ම… අගදි පල්ලම් බසී

0
7

නව­සී­ලන්ත ලින්කන් විශ්ව­වි­ද්‍යා­ලය සමඟ දෙවැනි නෙට්බෝල් තර­ගයේ මැද භාග­යේදී ලකුණු 6කින් නව­සී­ල­න්තය පසු­ප­සට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ අව­සන් අර්ධ‍යේදී ඇති වූ තාක්ෂ­ණික දෝෂ හේතු­වෙන් පසු­බැ­සීමේ වාසිය මත නව­සී­ලන්ත පිල ලකුණු 72 – 65ක ජයක් වාර්තා කළේය.

කෙසේ වුවද ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලි­යට සූදා­නම් වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩා­ය­මට පුහු­ණු­වක් ලබා­දීමේ අර­මු­ණින් නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල නෙට්බෝල් කණ්ඩා­යම සමඟ මේ තර­ගා­ව­ලිය හොඳම අත්දැ­කී­මක් බවට පත්ව තිබීම කැපී පෙනිණි.

තරග 6කින් සම­න්විත මේ නෙට්බෝල් තර­ගා­ව­ලියේ පැවති තරග දෙකම නව­සී­ලන්ත ලින්කන් විශ්ව­වි­ද්‍යා­ලය ජය­ග­ත්තද, වසර දෙක­කට පසු වි‍දෙස් රටක් සමඟ තර­ග­ය­කට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ සට­න්කාමී ක්‍රීඩා විලා­ශ­යක් පෙන්නුම් කිරීම වි‍ශේෂ­ත්ව­යකි.

ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකී­ර්ණයේ ඊයේ පැවති දෙවැනි තර­ගයේ පළමු කාර්තු­වේදී ලකුණු 17 – 16ක් ලෙස ඉදි­රි­යෙන් සිටි නව­සී­ලන්ත පිලට විශාල තර්ජ­න­යක් දෙමින් ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩි­කාවෝ දෙවැනි කාර්තු­වේදී 20 – 13ක ලකුණු පර­ත­ර­ය­කින් ඉදි­රි­යට පැමි­ණි­යහ. තෙවැනි කාර්තු­වේදී ලකුණු 19 – 10ක් ලෙස නව­සී­ල­න්තය වේග­වත් ක්‍රීඩා විලා­ශ­ය­කට පිවිසි අතර, සිව්වැනි කාර්තුවේ ලකුණු තත්ත්වය වූයේ ලකුණු 23 – 9ක් ලෙස නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල පිල තව තවත් ඉදි­රි­යට යෑමෙනි.

පළමු අර්ධය නිමා­වෙද්දී නව­සී­ලන්ත පිල ලකුණු 30ක් වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 36ක් ලෙස ඉදි­රි­යෙන් සිටි හෙයින් ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ විශාල බලා­පො‍රො­ත්තු­වක් ඇති වුණද, සිදු­කළ වෙන­ස්කම් කිහි­ප­යක් පල­දායී නොවිණි. එ‍මෙන්ම නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ සෙන්ටර් ස්ථාන‍යේ සිට ගෝල් ෂූටර් ස්ථානය දක්වා පන්දු කිහි­ප­යක්ම යොමු කිරීම ශ්‍රී ලංකා පිලට පාල­නය කර­ගත නොහැකි විය.

පළමු කාර්තු දෙකේදී මුල් කණ්ඩා­යම ලෙස ගෝල් ෂූටර් තිසලා අල්ගම (නායිකා), වින්ග් ඇටෑක් රශ්මි දිව්‍යාං­ජලී (උප නායිකා), ගෝල් ඇටෑක් දුලංගි වන්නි­ති­ලක, ගෝල් ඩිෆෙන්ස් මල්මී හෙට්ටි­ආ­රච්චි, සෙන්ටර් ගයා­න්ජලී අම­ර­වංශ, ගෝල් කීපර් ගයනි දිසා­නා­යක හා වින්ග් ඩිෆෙන්ස් චලනි නීෂා ක්‍රීඩා කළ අතර, තෙවැනි කාර්තු­වේදී සෙන්ටර් තිළිණි වත්තේ­ගෙ­දර, ගෝල් ඇටෑක් තුමල්කා ඒක­නා­යක, ගෝල් කීපර් අංජ­ලිකා තිල­ක­රත්න හා වින්ග් ඩිෆෙන්ස් තිමී වස­න්ත­ප්‍රිය එක් කිරී­මට පුහු­ණු­කා­රිනී සොමිතා ද අල්විස් මහ­ත්මිය තීර­ණය කළාය.

එහි අසා­ර්ථ­ක­ත්වය දුටු පුහු­ණු­කා­රි­නිය සිව්වැනි කාර්තු­වේදී ගෝල් ෂූටර් ස්ථාන­යට භාෂී උඩ­ගෙ­දර එක් කළ අතර, ගෝල් ඩිෆෙන්ස් ස්ථාන­යට තිමී වස­න්ත­ප්‍රිය ආදේශ කළාය. එහෙත් නව­සී­ලන්ත විශ්ව­වි­ද්‍යාල පිලේ වේගය අඩාළ කිරී­මට එම උප­ක්‍රම සාර්ථක නොවිණි.

තරග 6කින් සම­න්විත ශ්‍රී ලංකා – ලින්කන් විශ්ව­වි­ද්‍යාල නෙට්බෝල් කණ්ඩා­යම් අතර මීලඟ තර­ගය අද පස්වරු 5ට මහ­නු­වර දිගන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

ප්‍රින්ස් ගුණ­සේ­කර ගාල්ල දඩල්ල ක්‍රීඩාං­ග­ණයේ සිට…

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here