කාන්තාවන්ට දුම්රිය රියැදුරු අසුන තව ඈතයි: නව බඳවා ගැනීම් පිරිමින්ට පමණයි

0
25

දුම්රිය එන්ජින් රියැදුරන් බඳවා ගැනීමේ පරිපාටිය වෙනස් නොකර ඒ සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ හැකියාවක් නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය එන්ජින් රියැදුරු 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා දෙපාර්තමේන්තුව ගැසට් නිවේදනයක් මඟින් අයැදුම්පත් කැඳවා ඇති අතර මෙම මස 28 වන දා දක්වා ඒ සඳහා අයැදුම් කළ හැකිය.

එම ගැසට් නිවේදනයට අනුව ඒ සඳහා අයැදුම් කළ හැක්කේ පිරිමි අයැදුම්කරුවන් සඳහා පමණි.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා වසර 8කට පමණ පසු මෙවර රියැදුරන් සියයක් පමණ බඳවා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට වසර ගණනකින් එන්ජින් රියැදුරන් බඳවා නොගැනීමේ හේතුවෙන් 150කගේ පමණ හිඟයක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය එන්ජින් රියැදුරන් වශයෙන් ඉදිරියේදී කාන්තාවන් බඳවා ගැනීමට කටයුතු කරන බව විෂය භාර ඇමැති බිමල් රත්නායක සඳහන් කර තිබිණි.

mawbima.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here