කෝසෙට් ක්වීන් සිට අඳුරු සිහින ලෝකයේ රැජින දක්වා

0
21

මීට වඩා අදුරු, අමුතු, විටෙක විකාරරූපි කල්පිත විකේන්ද්‍රී චරිත කල නිළියක් දන්නවනම් කියන්නකෝ බලන්න..”හෙලේනා බොන්හැම් කාටර්”ඇයව සමහරු හැදින්වූයේ ඩොනී ඩෙප්ගේ කාන්තා වර්ශන් එක කියලා (female depp) අදට ඇයට අවුරුදු 60ක්.ඒ නිසා මේ ..

2009 ටයිම් සගරාව නම්කල ඉහළම පෙළේ බ්‍රිතාන්‍ය ජාතික නිළියන් 10 දෙනාගෙන් කෙනෙක් වූ ඇය, රංගනය කිසිම අයුරකින් හැදෑරූ නිළියක් නම් නොවේ. නමුත් ඇය රගපෑ සිනමාපට බහුතරයක් එක් ඇකඩමි සම්මානයකින් හෝ පිදුම් ලැබූ ඒවා වීම සුවිශේෂීත්වයක්.

මුල්කාලීනව හෙලේනා වැඩිහරියක් කලේ ඓතිහාසික චරිතයි. ඒ නිසා ඇයට කෝසෙට් ක්වීන් නම පටබැදිලා තිබුණා.නිහඩ, විනීත,ගෞරවනීය ලෙස හැසිරෙන…නමුත්, ඇය ඊට වෛරකලා.ඒ ඒකාකෘතිය බිදදමන්න ඈට අවශ්‍ය වුණා..ඇය අදුරු,අමුතු,ශෝෂාකාරී, විකාරරූපි චරිත තෝරගන්න වුණා. ඇය පෙරටත් වඩා අතිසාර්තක වුණා.

2001 වසරේ Planet of the Apes දර්ශන තලයෙදී තමයි ඇයට සුප්‍රකට අධ්‍යක්ෂ ටිම් බර්ටන් මුණගැහෙන්නේ. මේ හමුව හෙලේනාගේ වෙනස් ගමනට විශාල පිටුවහලක් වුණා.

පසුකාලීනව මේ දෙදෙනා සහකරුවන් බවටත් පත්ව සිටියා. හැබැයි ඒ විවාහ ජීවිතේත් ඇගේ සිනමා චරිත වගේම ටිකක් වෙනස්. මොකද මේ සහකරුවන් දෙන්නා ජීවත් වුණේ එක වහලක් යටනම් නොවේ. එක ළඟ පිහිටි වෙන් වෙන් නිවාස 02කයි

“මම අනිවාර්යයෙන්ම ටිකක් ‘පීටර් පෑන්’ (Peter Pan) වගේ, ලොකු මහත් වෙන්න අකමැතියි… මගේ ඇතුලාන්තයේ කොටසක් කැමති කිසිම වගකීමක් නැතිව ඉන්නයි.” මං හිතන්නේ ඇගේ මේ වචන ඒ ක්‍රියාවන්ට පැහැදිලි කිරීමක් සපයනවා. ඒ කොහොමවුනත් මේ යුවලට දාව දරුවන් දෙන්නෙක් සිටිනවා.

2022 වසරේදී ඇය ලන්ඩන් පුස්තකාලයේ (The London Library) සභාපතිනිය ලෙස පත් වූ අතර, එම ගෞරවනීය තනතුරට පත් වූ ඉතිහාසයේ පළමු කාන්තාව ඇයයි.ඉතිං, දකිමු ඇගේ සිනමාගමන විනාඩි 2කට අඩු කාලයකින්…

උපුටා ගැනීම Swarnarekha Sewwandi ෆේස් බුක් පිටුවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here