සුරම්‍යාට ශක්තියක් වෙමින් අපූරු සංගීත සන්ධ්‍යාවක් විඳින්නට එන්න

0
29

සුරම්‍යා මාපිටියගේ අත්‍යවශ්‍ය සැත්කමක් සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සුවිශේෂී පුණ්‍යාධාර සංගීත ප්‍රසංගයක් එළඹෙන ජූනි 18 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එදින පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) මෙම සංගීත සන්ධ්‍යාව ආරම්භ වීමට නියමිතය.

මෙම ප්‍රසංගය සඳහා ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පීන් ශිල්පිනියන් 22 දෙනෙකු ස්වේච්ඡාවෙන් දායකත්වය සපයනු ලබයි.

ඒ අතර, නිරෝෂා විරාජිනී, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස් එඩ්වඩ් ජයකොඩි ඇතුළු ප්‍රමුඛ පෙළේ කලාකරුවන් රැසක් සිය ගීත ගායනයෙන් මෙම උදාර අරමුණ වෙනුවෙන් එකතු වීමට නියමිතය.

සුරම්‍යා මාපිටියට ජීවිතය දිනන්නට ශක්තියක් වන අතරම, සිත නිවන අපූරු සුමිහිරි සංගීත සන්ධ්‍යාවක රස විඳීමට එදිනට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනාකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here