සිංහල සිනමාවේ අසමසම “නිළි රැජින” මාලිනී ෆොන්සේකා අපෙන් සමුගෙන වසරක් සපිරීම නිමිත්තෙන් කලාලෝකයම ඇයව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඇයගේ නික්ම යාමෙන් කලාව තුළ ඇති වූ ඒ මහා හිස්තැන තවමත් එලෙසමයි.
මෙම පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් ඇයගේ මුහුණුපොතට අතිශය සංවේදී සහ ගෞරවනීය සටහනක් එක් කර තිබුණා.
“දන්නෙම නැතුව වසරක් ගත වුණා. ඇය නිළි රාජිනිය, ඇයගේ තිබුණු ලස්සන, රංගනය, සෑම දෙයක් තුළින් රංගන ක්ෂේත්‍රයට එන්න කී දෙනෙක් ආස කරාද… මාත් එවැනි කෙනෙක්…”ඇය සමඟ ගත කළ අතීතය සිහිපත් කරමින් නිල්මිණී තෙන්නකෝන් මහත්මිය පවසා සිටියේ, හමු වූ සෑම විටකම ආදරණීය සිනහවකින් මුව සරසා ගත් මාලිනී අක්කා නොමැති කලාව පාළු සහ පාඩුවක් බවයි. එමෙන්ම ඇයගේ අඩුව පිරවීමට කිසිවෙකුටත් නොහැකි බවත්, මේ සදාදරණීය රුවැත්තිය නැවතත් මේ මව්බිමේම උපදින්න ප්‍රාර්ථනා කරන බවත් ඇය සංවේදීව සටහන් කර තිබුණා.
රංගනයෙන් පමණක් නොව, මානුෂීය ගුණාංගවලින් ද පරපුරක් හැඩගැස්වූ මාලිනී ෆොන්සේකා නම් ඒ මහා රංගවේදිනියගේ මතකය අප හදවත් තුළ සදාතනිකයි!
ඔබට නිවන් සුව අත්වේවා සදාදරණීය මාලිනී නිලි රැජීනියෙ
උපුටා ගැනීම ටෙලි ලන්තය face book පිටුවෙන්




