අහන්න ලැබෙන දේවල් වලින් හදවත නතර වෙන්න වගේ දැනෙනවා. මේ අවාසනාවන්ත, අතිශය ඛේදනීය පුවත ඇහෙන්න ලැබෙන්නේ අපේ අසල්වැසි බංගලිදේශයෙන්
වයස අවුරුදු 8ක් වුණු, මල් කැකුළක් වගේ හැදුණු පුංචි රමීසා පසුගිය අඟහරුවාදා උදේ වෙනදා වගේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමින් හිටියා. ඔවුන් ජීවත් වූයේ apartment එකක. ඒ අතරතුර ඇසුණු ඇගේ කෑගැසීමක්, ඇගේ මවගේ ජීවිතයම සදාකාලිකව වෙනස් කරයි කියලා කවුද හිතුවේ?
කෑගැසීම ඇසී අසල්වැසියන් සහ පවුලේ අය සොයා බැලූ විට, ළඟ නිවසක් අසල රමීසාගේ සපත්තුවක් හමුවී තිබුණා. 👟 පසුව වසා තිබූ දොරක් කඩා ඇතුළට ගිය පිරිස දැක තිබුණේ හද කම්පා කරවන සිදුවීමක්.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, දැරිය ඝාතනය කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සිදුවීමත් සමඟ බංගලිදේශයේ විවිධ ප්‍රදේශවල ජනතාව වීදි බැස, “Justice for Ramisa” යන හඬින් විරෝධතා පවත්වමින් දරුවන්ගේ ආරක්ෂාව ගැන දැඩි නීති ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම් කරන බවත් වාර්තා වෙනවා.
අපි හැමෝටම වැදගත් පණිවිඩයක්…
අද සමාජයේ දරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත්. දෙමාපියන්, භාරකරුවන් සහ සමාජයම එකතු වෙලා පුංචි දරුවන් ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කළ යුතු කාලය දැන් ඇවිත්.
පුංචි රමීසා දියණියට නිවන් සුව / සාමය ප්‍රාර්ථනා කරමු.
උපුටා ගැනීම ටෙලි ලන්තය face book පිටුවෙන්




