ප්‍රවීණ ඡායාරූපකරණ ශිල්පිනියක හා පර්යේශිකාවක වන මැණිකා වැන් ඩර් පූටන්ගේ සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ කතාබහක් හෙට දින එනම්, මාර්තු 15 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ එදින ප.ව. 2.00 – 6.00 දක්වා කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී යි.
මැණිකා වැන් ඩර් පූටන්, ජගත් වීරසිංහ හා බූපති නලින් එහිදී අදහස් දැක්වීමට නියමිත යි.
SEQUEL සාමූහිකය විසින් සංවිධානය කරන වැඩසටහනට ඇතුළු වීම නොමිලේ.
