මේ අතර මෙම අපරාධයට කඩිනම් යුක්තිය ඉල්ලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. ග්‍රාමීය ප්‍රදේශ රැසක් කේන්ද්‍රගතව පිහිටි අනුරාධපුර රෝහලේ සිදුව ඇති මෙම වර්ජන ක්‍රියාදාමය ඉහත අපරාධය හා කිසිදු සබැඳියාවක් නොමැති අසරණ රෝගීන් හට බරපතල පීඩාවක් බව ද කිව යුතු ය. නමුදු අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් ඒ සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවක් පෙනෙයි. නමුදු අසරණ රෝගීන් හට පීඩාවක් හා අසාධාරණයක් නොවන වෙනයම් ක්‍රියා මාර්ග ද ඒ සඳහා ඇති බව ඔවුන් සැලකිල්ලට ගනු වටී.
එමෙන්ම මෙම ස්ත්‍රී දූෂණ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කොට ඇගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් ජනමාධ්‍යවලින් ඉල්ලා තිබේ. ඒ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා ඇත්තේ එවැනි සිද්ධීන් වාර්තා කිරීමේදී සංවේදීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ඇයගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වළකින ලෙසයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව ද දැන ගන්නට ඇත. සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වැරදි කරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරන අතර, එතෙක් සන්සුන්ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

ඉහත සඳහන් ව ඇත්තේ එක් හුදකලා පුවතකට වඩා වර්තමානය පිළිබඳ එක්තරා සමාජයීය දර්පනයක් විය හැක. සමාජයීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තියක යෙදෙන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළ දී දූෂණය වීමෙන් හා පසුගිය දිනයෙක වාර්තා වූ අධිකරණ විත්ති කූඩුවක සිටි පුද්ගලයකු මහේස්ත්‍රාත් වරියක ඉදිරියේම වෙඩි පහරකට ලක් වීමෙන් පැවසෙන ප්‍රබල සමාජමය පණිඩිඩයක් තිබේ. එනම් මේ වන විට ඝාතකයාත් ස්ත්‍රී දූෂකයාත් ශිෂ්ඨ සමාජය අතුරින් කෙතරම් ඉදිරියට පැමිණ තිබේ ද යන්න ය. ඒ අනුව මේවා ජාතික ආර්ක්ෂාවට තර්ජන නොවන බව පවසමින් බොළඳ තර්ක ගෙන ඒම කෙසේවත් නොවිය යුත්තකි.
මිනිස් සේම තිරිසන් මනැස් තුළ පවා නිරතුරු ව නිදන්ව පවතින මනෝමය ආවේග තුනක් තිබේ. එනම් ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය හා බියයි. සමාජමය මෙම ආවේග පුබුදුවා ගැනීම මඟින් අනේක විධ ලාභාපේක්ෂාවන් ලබන්නවුන් අතරේ ජන මාධ්‍ය කරුවෝ ද පෙරමුණ ගනිති. ඒ සඳහා වන අනේක විධ මාධ්‍ය භාවිතයන් අපට එදි`නෙදා කොතෙකුත් හමුවෙයි. ”රූමත් තරුණියකගේ හිස නැති මළ කඳක් හමුවෙයි” යන උපහාසාත්මක හා සංකේතාත්මක පුවත් සිරස්තලය එහි එක් අන්තයක් පමණි.

ඒ අනුව දූෂණයට පත් වෛද්‍ය වරියගේ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කොට ඇගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස නලින්ද ජයතිස්ස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වරයා කළ ඉල්ලීම හුදෙක් පුද්ගල ප්‍රකාශයකට වඩා සමාජයීය වශයෙන් නැංවිය යුතු පොදු හඬකි. යුරෝපීය රටවල් පසෙක තිබිය දී අපට ආසන්නතම ඉන්දියාවෙන් ඒ සඳහා අපට ගත හැකි ආදර්ශ බොහොමයකි. එවැනි වින්දිත කාන්තාවක සම්බන්ධයෙන් කරනු ලබන මාධ්‍ය අනාවරණයන් හමුවේ ඇය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොකරන ඔව්හු ඇය ආරූඪ නමකින් හඳුන්වා දෙන අවස්ථා ද කොතෙකුත් තිබේ.
එමෙන්ම එම වෛද්‍යවරිය දූෂණයට ලක් කළ සැකකරු මේ වන විටත් හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද මෙහි දී අප ගේ විමසුමට ලක් විය යුතු ය.
2015 වසරේ සැප්තැම්බර් 12 වන දා කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට මරා දැමීමේ චෝදනා සියල්ලටම ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නමැත්තා වරදකරු බව තීන්දු කළ චම්පා ජානකී රාජරත්න මීගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු වරිය විසින් අපරාධකරුට වසර 60 ක සිර දඬුවමක් සහ මරණ දඬුවම කරන ලදී. ඒ 2016 මාර්තු 15 වන දා ය. ඒ ඉන් පෙර සැකකරුවන් කිහිප දෙනෙකු වෙත ඇඟිල්ල දිගුවීමෙන් පසුව ය.
නමුත් මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට පෙරම පොලීසිය හා ජන මාධ්‍ය කරුවන් වැරදි කරු ලෙස තීන්දු කළ එක්තරා පුද්ගලයෙක් විය. ඒ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නමැත්තා ය. ඔහු ගේ මෙම කොණ්ඩයා යන නම හුදෙක් ජන මාධ්‍ය කරුවන් විසින් පටබඳින ලද්දක් මිස ඔහුගේ හිත මිතුරන් හෝ අසල් වාසීන් භාවිතා කළ තබා දැන සිටි නමක් වත් නොවේ. ඔවුන් ඒ නම මුල් වරට අසා ඇත්තේ ද ජන මාධ්‍යයන් මඟිනි. ඒ බව පසුව විශ්ව විද්‍යාලයීය සමාජමය විමර්ශනයකින් තහවුරු විය. එමෙන්ම කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැත්තා අධිකරණයෙන් වරදකරුවකු බවට තහවුරු වන්නට පෙර සමාජයේ ඔහු වැරදිකරුවකු ලෙස සමාජගත කිරීම සම්බන්ධයෙන් පොලීසිය වගකිව යුතු බව ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක එවක ගම්පහ මහේස්ත්‍රාත් වරයා ප්‍රකාශ කර තිබේ.

එහි දී මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ පොලිස් අත්අඩංගුවට පත්වන ඕනෑම පුද්ගලයෙකු චෝදනා ඔප්පු කරන තුරු සැකකරුවෙකු බවකි. නඩුව විභාග වනුයේ සාක්ෂි ආඥ පනත යටතේ බැවින් සැකකරුවෙකු අපරාධකරුවෙකු ලෙස නම් කිරීමට පොලිසියට කිසිදු හැකියාවක් නොමැති බව ය.
නමුත් සේයා සදෙව්මිණි දැරිය ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය ඉතාමත් පටු ආකල්ප මත පිහිටා සිදුවීම වාර්තා කරනු දක්නා ලදී. ඒ ජනතාවගේ ප්‍රවෘත්ති පිපාසයට කුණු කානු ජලය පොවන්නාක් මෙනි. එමෙන්ම එම සිදුවීමට සම්බන්ධයක් නොමැති පුද්ගලයන් වරදකරුවන් බවට පත් කිරීම වාර්තා වූ එක් සිදුවීමක් පමණි. පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙම සිදුවීමේදී හැසිරුණු ආකාරය තුළින් ද සමාජය හමුවේ නිරාවරණය වී තිබේ.
සැකකරු වරද කරු ලෙස සමාජය හමුවේ මවා පෑමට සිතන පොලිසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ද උල්ලඝණය කරමින් හැසිරීම අප තව දුරටත් දැක බලා ගත යුතු නැත. එමෙන්ම අනුරාධපුර රෝහලේ රෝහලේ වෛද්‍යවරුන් ගේ වැඩවර්ජනය ආදී ක්‍රියාවන් මුල් කොට ඇති වන සමාජමය කැළඹීම් හමුවේ සැක කරු අත් අඩංගුවට ගෙන “ආයුධ පෙන්වීමට රැගෙන යාම” වැනි කෲර අන්තගාමී ක්‍රියා වලින් සමාජයෙන් මෙම ඛේදවාචක දුරලිය හැකි යැයි දේශපාලනඥයන් හා පොලීසිය අපේක්ෂා කරන්නේ නම් එය සමාජයීය පුවත් පිපාසයට ඇසිඩ් පෙවීමක් බව කල් ඇතිවම දැන සිටිය යුතු ය.

(සටහන | ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය
(උපුටා ගැනීම – vinivida.lk)
*මෙම පුවතේ ‘ස්ත්‍රී දූෂණය’ යන යෙදුම භාවිතා කෙරෙන්නේ, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරකම් සහ අඩත්තේට්ටම් සඳහා වන නීතිමය යෙදුම එය නිසාවෙනි.
මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.