වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක්කළ බවට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ලවීමේ සිදුවීම ගැන තමාට වෙනම වාර්තාවක් ලබාදෙන්නැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් නිලධාරින්ට දන්වා ඇත.
වින්දිත දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි උනන්දුව පදනම් කරගෙන මෙසේ ඇමැතිනිය වාර්තාවක් ඉල්ලා ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘ද ලීඩර්’ට පැවැසීය.
චෝදනාවට ලක් වූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට පිටත්ව තිබිණ.
මේ අතර ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේත් ඊයේ (අප්‍රේල් 30 ය.
ශාරීරික දඬුවම් ගැන අධිකාරියට පැමිණිලි 2000 පනී ..
ඒ නිමිති කරගෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන පැමිණිලි අතරින් දෙවැනි වැඩිම පැමිණිලි වර්ගය වනුයේ ශාරීරක හිංසනය සම්බන්ධ පැමිණිලි බවයි.
ඒ අනුව වාර්ෂිකව 2000 – 2500ක් අතර ශාරීරික දඬුවම් සංඛ්‍යාවක් අධිකාරියට වාර්තා වන බවත් ශාරීරික දණ්ඩනය යනු ළමයෙකුට සිදු කරන ශාරීරික අපයෝජනයක් බවත් එහි දැක්විණි.
මෙරට තුළ ශාරීරික දඬුවම් වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය සහ ධනාත්මක ශික්ෂණ ක්‍රමවේද ප්‍රවර්ධනය සහ පුහුණු කිරීම වෙන අවෙන් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කරන බවත් ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලෙස මේ රටේ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ළමා කාලය සුරක්ෂිත කිරීම සඳහා ශාරීරික දණ්ඩනය වෙනුවට ධනාත්මක ශික්ෂණ ක්‍රම වේද වෙත නැඹුරු වන ලෙස ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සඳහන් විය.
ළමයින් හික්මවීම සඳහා මාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් ලෙස දශක ගණනාවක සිට අප විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිත කිරීම නිසා රටක් ලෙස සංස්කෘතිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ළමුන්ට නිවස තුළදී හෝ පාසල තුළ දී ශාරීරික දඬුවම් සිදු කිරීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති නමුත් ළමයා විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණවලින් නිශ්චිතව තහවුරු වන්නේ කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරික හා මානසික දණ්ඩනය ළමයාගේ පෞරුෂත්වය බලපෑමක් ඇති කරන බව යැයිද එහි දැක්වේ.




