සංගීතවේදිනී වයි.ඒ. පාලිතා කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

0
139

කතිකාචාරිනී, සංගීත විශාරද වයි. ඒ .පාලිතා සංස්කෘතික අමාත්‍යාංශය මඟින් සංවිධානය කෙරුණු 40 වැනි රාජ්‍ය සම්මාන උලෙළේදී කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඇය මෙසේ පිදුම් ලැබුවේ දේශීය සංගීත ක්ෂේත්‍රය උදෙසා ඉටුකළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙනි. ඇය සංගීත ගුරුවරියක සහ සංගීත කථිකාචාරිනියක ලෙස කටයුතු කර ඇත. 1987දී යෞවන සමාජ සාමාජිකත්වය දරමින් කලා කටයුතුවලට සම්බන්ධ වූ ඇය ගුවන් විදුලි ශිල්පිනියක් ලෙස සරල ගී වැඩසටහන්, ස්වර රංග නැමති අධ්‍යාපනික සංගීත වැඩසටහන් ඉදිරිපත් කර ඇත. ගත් කතුවරියක්ද වන ඇය ගී මල් වැස්ස, ගුරු ස්වර විවිධයි, පිදුරු බිල්ලා, අපූරු කොටියා රතු මලියා වැනි කෘතීන්ද රචනා කර ඇත.

silumina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here