චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි

0
44

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ සහභාගීත්වයෙන් ඊයේ (19) පැවැත්විණි.

අත්තනගල්ල අරහත්ත රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙම සත්කාරය සිදු කෙරිණි.

ජාතික සංහිඳියාව සහ සහජීවනය ඉහළ නැංවීම සඳහා ආදර්ශයක් සැපයීම මෙම වැඩසටහනේ අරමුණ වූ බව සංවිධායකයෝ පවසති.

මෙම අවස්ථාවට විදේශ ධර්ම ධූත පිරිසක් සහ හිටපු නාවික හමුදාපති දයා සඳගිරි ද සහභාගී විය.

(අංජුල මහික වීරරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here