නව රජයේ ප්‍රතිපත්තිය සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය කියයි

0
39

නව රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය රැකගෙන කටයුතු කිරීම යැයි සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පවසනවා.

ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවේ (14) රත්නපුර, කහංගම රජයේ බෞද්ධ විද්‍යාලයේ පැවති වාර්ෂික තෛපොංගල් උත්සවයට එක් වෙමින්.

රජයේ Clean Sri Lanka වැඩසටහනේ පරමාර්ථයත්, තෛපොංගල්වල පරමාර්ථය හා සමානකමක් පෙන්නුම් කරන බවයි ඇය පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය,

මේ පාසලේ තෛපොංගල් උත්සවයට සහභාගි වන අයට මෙම විද්‍යාලය සිංහල බෞද්ධ විද්‍යාලයක් නොව ද්‍රවිඩ සංස්කෘතිය පිරුණු විද්‍යාලයක් ලෙසයි පේන්නේ. සැරසිලි, කෝලං, රූ රටා, නැටුම්, ගැයුම්, වැයුම් පමණක් නොවෙයි, ඇදුම් පැලදඳුම් ද එම විචිත්‍ර සංස්කෘතිය මනාව පිළිඹිබු කරනවා. කෘතුගුණ සැලකීමට බෞද්ධ සමාජයේත් විශාල ඉඩක් වෙන් කර තිබෙනවා. සමාජයීය සාරධර්ම සහ පරිසරාත්මක වෙනස්කම් තෛපොංගල් තුළින් සමාජය වෙත මුදා හරිනවා. යැයිද පැවසුවා.

hirunews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here