පරම්පරාවෙන් එන කුල භේදයක් අපි අතර නැහැ – සේපාලි මායාදුන්නේ

0
15

මිනිස් ජීවියා බිහි වීමේ විද්‍යාත්මක පදනමට අනුව එය පරිණාමයේ දිගුවකි. ඒ දිගුවේ ආරම්භය ප්‍රාථමික තත්ත්වයේ ද ප්‍රාථමික තත්ත්වයකි. එතැන් සිට මේ දක්වා විකාශනය වූ මිනිසා කාලයා ගේ ඇවෑමෙන් විවිධ ජාති, කුල, ආගමික යනාදි බෙදීම්වලට ලක් විය.

මිනිසකු ගේ සමේ පැහැය වෙනස් වන්නට හේතුව පාරිසරික සහ දේශගුණික තත්ත්වය යැයි විශ්වාස කළ හැකි වුව ද මිනිසකු ජාති, කුල සහ ආගමික වශයෙන් බෙදී වෙන් වූයේ ඇයි ද යන්න තවමත් විසඳී නොමැති ගැටලුවකි.

නමුත් මෙය ගැටලුවක් වන්නේ ම තමන් උසස් යැයි සම්මත කුලයක යැයි ඇතැම් පිරිසක් පවසන බැවිනි; එහෙත් එම පුද්ගලයා උසස් බවත් අනෙකා පහත් බවත් පවසන්නට, පිළිගන්නට හැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් කරන්නට එම පුද්ගලයෝ අසමත් වෙති.

එහෙත් මෙහි අනෙක් පස…? එනම් අපි කිසිවකු කිසිවකුට වඩා උසස් යැයි හෝ කිසිවකු කිසිවකුට වඩා පහත් යැයි පැවසීම අර්ථ විරහිත යැයි ස්ඵුට කිරීමට නම් අවශ්‍ය තරම් සාධක පවතී; එහෙත් එය පවා පිළිගන්නට බොහෝ පිරිස් මැළිවෙති; යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් එලෙස මැළි වුව ද ඒ යථාර්ථය මැනවින් ස්ඵුට කරන්නට සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන පිරිස් සමත්ව සිටිති. ඒ ඉතිහාසයෙන් උකහා ගන්නා සාක්ෂි ද සහිතව ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට කී ප්‍රබල සමාජ සාධකය සිය නිර්මාණ කෞෂල්‍ය භාවිත කරමින් නිෂේධනය කිරීමට සමත් සාහිත්‍ය කෘතියක නිර්මාණකාරිණිය යි; ඇය නමින් සේපාලී මායාදුන්නේ ය; කෘතිය ”රාජ වල්ලිය” යි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සේපාලි මායාදුන්නේ සිය අභිනව ප්‍රබන්ධ කෘතිය වන ”රාජ වල්ලිය” පිළිබදව කළ සම්පූර්ණ සාකාච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන – ජයසිරි අලවත්ත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here