ප්‍රවීන රංගන ශිල්පිනී කුමාරි පෙරේරා දිවි සැරිය නිමා කරයි .

0
79

ප්‍රවීන රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

ටෙලි,සිනමා, වේදිකා නිර්මාණ රැසකට දායකත්වය දුන් ඇය ටවර් නාට්‍ය ගණනාවක ප්‍රකට භූමිකා ඉදිරිපත් කල විශිෂ්ඨ රංගන ශිල්පිනියකි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිනියේ ප්‍රවීණ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක වූ ඇය නූර්ති ගායන ක්ෂේත්‍රය තුලද තම දක්ෂතා ඉදිරිපත් කොට ඇත .

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරිය ලෙස රංගනයෙන් දායක වන්නට රංගන වේදිනියක ලෙස ඇය වන්නට භාග්‍යවන්ත වූවාය.

අසනීප තත්වයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වූ ඇය මිය යන විට 68 වන වියේ පසු විය.

රංජිත් යාපා ද අල්විස් ප්‍රවීන කලාකරුවානන්ගේ දයාබර බිරිද වූ එතුමියට නිවන් සුව ලැබේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here