”බොහෝ ඉස්සර මානසික රෝග සැලකුවේ භයානක දෙයක් ලෙස ය.
නමුත් neurodiversity සංකල්පය තුළින් මිනිස් මොළය දකින්නේ වෙනස් ආකාරයකට ය. මොළය වයර් වි තිබෙන ආකාරය එකිනෙකට වෙනස්කම් පවතී. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක ආචාර්ය ඩෝන්-ජෝයි ලියොන්ග් පැහැදිලි කරන්නේ ස්නායු විවිධත්වය යනු මිනිස් මනසෙහි පුළුල් පරාසය විස්තර කරන යෙදුමක් බවයි.
“මිනිස් වර්ගයා විවිධ ආකාරවලින් ක්‍රියා කරන විවිධ ආකාරයේ මනසක් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත වේ,” යනුවෙන් ලියොන්ග් පවසයි. එමෙන් ම “ස්නායු විවිධත්වය පිළිබඳ පුද්ගලයින් යනු සම්මත ජනගහනයෙන් වෙනස් ස්නායු ක්‍රියාකාරිත්වයක් ඇති අයයි,” යනුවෙන් ද ඔහු වැඩි දුරටත් පවසයි.
ඕස්ට්‍රේලියානු ඔටිසම් පර්යේෂක සහ සමාජ විද්‍යාඥ ජූඩි සිංගර් 1990 ගණන්වල අගභාගයේ දී “ස්නායු විවිධත්වය” යන වචනය නිර්මාණය කළේය.
“ස්නායු විවිධත්වය පිළිබඳ ආදර්ශය යනු සෑම ආකාරයකම මනසක් ගෞරවයට හා වටිනාකමට සමානව සුදුසු බවත්, එබැවින් විභවයෙන් හැකියාව ඇති බවත් යන ඉදිරි දර්ශනයකි.”
මම මේ කොටස උපුටා ගන්නේ: ලේඛිකාවක, වේදිකා නිළියක, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක සහ නාට්‍ය හා රංග කලා ගුරුවරියක ද වන නදීකා බණ්ඩාර සිය Face book ගිණුමෙහි පළ කර තිබූ සටහනකින්.

ඒකට හේතුව වුණේ ඇය විසින් රචිත නවත ම ප්‍රබන්ධය වන ”අමන්ඩාගේ සයිකෝසියානු දවස්” කෘතිය යි. එම සාහිත්‍ය ප්‍රබන්ධය සාහිත්‍ය කෘතියක් මෙන් ම මිනිස්සු හට වැලඳෙන කිසියම් මානසික ව්‍යාධියක් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේ ම දිගුවක් The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය පවසනවා.
(සටහන – ජයසිරි අලවත්ත)




