විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සිද්ධිය වෛද්‍ය සාෆි සිද්ධියේ දෙවන කොටස ද…? – SLDeshaya වීඩියෝවක්

0
24

ජයවර්ධනපුර රෝහලෙහි ස්නායු විශේෂඥ වෛද්‍යවරිය වන මහේෂි විජේරත්න මළ මිනිසකුට ශල්‍යකර්මයක් කළා ය යන චෝදනාව සාෆි වෛද්‍යවරයා කාන්තා රෝගිනියන්ගේ පැලෝපිය

නාලය මිරිකා ඔවුන් වඳභාවයට පත් කළේ ය යන චෝදනාවට සමාන බොරු චෝදනාවක් යැයි කොළඹ ජාතික රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ SLDeshaya youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ රෝගියාගේ යහපත වෙනුවෙන්, රෝගී පාර්ශ්වයේ වියදමින් අදාළ ශල්‍යකර්මයට අවශ්‍ය උපකරණය පිටතින් හෝ මිලදී ගෙන්වා ගැනීම වෛද්‍යවරයාගේ හෝ වෛද්‍යවරියගේ අභිමතය පරිදි සිදු කළ හැකි බවයි.

මතු පළ වන්නේ කොළඹ ජාතික රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමග කළ ඒම සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විසිනි

(සටහන – ජයසිරි අලවත්ත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here