කතුන් 32,000 කට පුරවැසිභාවය අහිමි වෙයි

0
24

කුවේට් රජය පුරවැසිභාවය ලබාගෙන සිටින විදේශීය කාන්තාවන් 32,000කගේ පුරවැසිභාවය අහිමි කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

කුවේට් ජාතිකත්වයට නුසුදුසු පුද්ගලයින් ජාතිකත්වයෙන් ඉවත් කිරීමට ජාතිකත්වය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති උත්තරීතර කමිටුව තීරණය කර ඇති අතර, අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීම සහ සමාලෝචනය කිරීම දිගටම කරගෙන යයි.

මෑතකදී, පුද්ගලයින් 4,246 කගේ පුරවැසිභාවය අවලංගු කිරීමට උත්තරීතර කමිටුව කටයුතු කර ඇත.

කුවේට් පුරවැසිභාවය ලබාදීට අවශ්‍ය කරන සුදුසුකම් ඉදිරියේදි ප්‍රකාශයට පත් කරනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline – කුවේට් නගරය)

උපුටා ගැනීම ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here