”රැෆෙලාගේ කැලැන්ඩරය එළිදැක්වීම” කියන්නෙ වසරක් නිමාවෙලා නව වසරක් ලබනකොට, ලාංකීය කලාවට ලැදි කවුරුත් මඟ බලාගෙන ඉන්න හරි ආකර්ෂණීය කටයුත්තක්.
ඔන්න ඔබ ඒ මඟ බලාගෙන උන්නු දවස උදාවෙලා.
ඒ කියන්නෙ RFCC 2025 , 13 වන සංස්කරණය මේ වන විට එළියට ඇවිත් තියෙන්නෙ.
මේ අපූරු කටයුත්ත සෑම වසරකම පාහේ කාගෙත් ආකර්ෂණයට වගේම කතාබහට හේතු හදනවා.
ඒකට කාරණා කීපයක්ම තියෙනවා.
ඒවා තමයි අපි නිතර නිර්මාණ ඔස්සේ දකින නළු නිළියන්ට ඇය වෙනස් ම වූ හැඩයක් එක්කාසු කිරීම.
ඒ වෙනුවෙන් ඈ තෝරාගන්නා විලාසිතා වගේම ඇගේ කැමරා ඇසත් වැඩි බලපෑමක් කරනවා.
අන්න ඒ නිසයි හැමදාම දකින කලා තරු වුණත් රැෆෙලාගේ කැලැන්ඩරයේ විශේෂයෙන් බබළන්නෙ.
ඒ වගේම රැෆෙලා සිය කැලැන්ඩරය වසරින් වසර අලුත් තේමාවන් කරා රැගෙන යනවා.
මෙවරත් ඇයගේ වෑයමේ විශේෂත්වයන් කීපයක්ම දක්නට ලැබුණා.
උපුටා ගැනීම monara