කවිය කියන්නෙ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තීව්‍ර මාර්ගයක් – රසිකා මුහන්දිරම්ගේ

0
23

”කවියට ම වෙන් වූ භාෂාවක්” නොතිබුණ ද, කවියට ප්‍රස්තුත කරගන්නා අනුභූතියට සරිලන භාෂා රටාවක් සහ රිද්මයක්

තොරා ගැනීම යනු කවියකු ගේ හෝ කිවිඳියක ගේ ශක්‍යතාවකි. එමෙන් ම හුදු සිද්ධි වාචකයක් වුව ද ”කවියක්” ලෙස ගළපා ගැනීම ද කවියකු ගේ හෝ කිවිඳියක ගේ ශක්‍යතාවකි.

 ”කවි” නමින් කිසියම් සිද්ධියක් ලිය සියලු කවි කිවිඳියෝ මේ සමත්කම නොදක්වති; එහෙත් ඇතැම් කවියකු හෝ කිවිඳියක මේ සමත්කම ඉතා මැනවින් පිළිබිඹු කරති.

රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය ද එබඳු ශක්‍යතාවකින් යුතු කිවිඳියකි. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ”හඳ ආඩම්බරකාර ගැහැනියක්” පසුගිය වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දි නිකුත් විණි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නී සිය දෙවන කාව්‍ය සංග්‍රහය පාඨක ප්‍රජාව වෙත මුදාහළ රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය යි.

මතු පළ වන්නේ රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here